NASA අයතනයේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෙම Perseverance rover යොදා ගනු ලැබුවේ ඉපැරණි විලක් සහ ගංගා ඩෙල්ටාවක් පිහිටි ජෙසෙරෝ ආවාටය ගවේෂණය කිරීමේ මෙහෙයුමක් සඳහාය.
ග්‍රහලෝකය වටා සැරිසරමින් සිටිය දී ගල් කැබැල්ලක් roverයේ වම්පස රෝදයට ඇතුළු වූ අතර එය සැතපුම් 5.3 ක් වඩා වැඩි දුරක් මේ දක්වා ගමන් කර ඇත .
අඟහරු වෙත යවන ලද roverයේ වත්මන් අවධානය යොමුව ඇත්තේ ඩෙල්ටා ප්‍රදේශය වටා ඇති අවසාදිත පාෂාණ පරීක්ෂා කිරීමටයි. නාසා ආයතනයට අනුව මෙම පාෂාණ නිර්මාණය වී ඇත්තේ වසර බිලියන ගණනකට පෙර ප්‍රදේශයේ ජලය තිබූ අවස්ථාවකදී බව ඔවුන් සැක පල කරයි.
විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ Perseverance හි සුරතල් පාෂාණය මෙහෙයුම්වලට හානියක් නොවන බවයි. එමෙන් ම රොබෝ ගවේෂකයාගේ නව මිතුරා කොපමණ කාලයක් රැඳී සිටිනු ඇත්දැයි බලා සිටීමට සිදු වන බව ඔවුන් තව දුරටත් CNN වෙත ප්‍රකාශ කර තිබිණ.
සශිකලා මධුෂාණී