BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ආක්ටික් සයුර වියරු වැටුණා සේ රත් වෙලා! – ඉදිරියේදී ලෝකයම දැඩි ලෙස උණුසුම් වේවි!

ආක්ටික් සාගරය වියරු වැටුණාක් මෙන් අතිශය අසාමාන්‍ය ලෙස රත් වී ඇති බව නවතම වාර්තා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය මේ තත්වය හැඳින්වීමට යොදන්නේ “Insanely Warm” හෙවත් ‘‘උමතු/වියරු වැටුණු කලෙක මෙන් රත්වීම‘‘ යන යෙදුමයි.

මේ සමග පළවන ඡායාරූපයෙන් දැක්වෙන්නේ නොවැම්බර් 3 වැනිදා වන විට ආක්ටික් සාගරයේ උණුසුම පිළිබඳ පූර්පාපේක්ෂණයකි. එය වෙනස්වන ආකාරය අදාළ සජීවීකරණය මගින් දැක්වේ.

Northern Hemisphere temperature Outlook
(Credit: WXCHARTS.com)

මෙසේ උණුසුම් වූ අති දැවැන්ත ආක්ටික් ජල තලය මේ වන විට අති විශාල තාපයක් වායුගෝලයට මුදා හරිමින් සිටියි. එහි ප්‍රතිඵලය මුළු ලෝකයේම උෂ්ණත්වය ඉහළ යාමයි.

මේ වන විට ආක්ටික් සාගරයෙන් වැඩි කොටස අසාමාන්‍ය උණුසුමක් වාර්තා කරයි.

මෙයට පෙර ද අප විසින් ලියා ඇති පරිදි ආක්ටික් වෙරළ සෙමෙන් ශීත වෙමින් ජලය අයිස් බවට පත්වීම සිදුවිය යුතු වුවද තවමත් එය ආරම්භ වී නැත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් 29 වන දා වන විට පැවතියේ සාමාන්‍යයෙන් පැවතිය යුතු ප්‍රමාණයට වඩා අයිස්වල ව්‍යාප්තියේ වර්ග සැතපුම් මිලියන 1.3 ක අඩුවීමකි.

මෙම ‘නැති වූ‘ අයිස් ප්‍රමාණය, සම්පූර්ණයෙන් තිබිය යුතු අයිස් ප්‍රමාණයෙන් 1/3 ක් තරම් දැවැන්ත බව කියැවේ.

National Snow and Ice Data Center අවධාරණය කරන අන්දටම මෙය, සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයකි. අත්ලාන්තික් හෝ පැසිෆික් සාගරය මීට පෙර මෙවැනි ඉරණමකට මුහුණ දී නැත.

මේ වන විට සයිබීරියානු වෙරළට සූර්ය රැස් පතිත වීම අවමයක් බවට පත්ව ඇති අතර, ඒ අනුව එම ජල තලය සූර්ය විකිරණයට විවර නොවන තරම් ය. නමුත් පෙනී යන ආකාරයට ජල අණු තුළ දැනටමත් රැඳී තිබෙන තාපය නිසා අයිස් සෑදීම තවදුරටත් ප්‍රමාද වනු ඇත.

Arctic Sea Ice Concentration on Oct. 29, 2020
(Credit: NSIDC)
ආක්ටික් කලාපයේ සිදුවන දේශගුණික වෙනස්කම් මැනිය හැකි හොඳම ක්‍රමයක් වන්නේ සාගර අයිස්වල ගනකම වෙනස්වීමයි. පහත රූප සටහනෙන් දැක්වෙන්නේ 1979 වසරේ සිට 202 දක්වා අයිස්වල ඝනකමේ සිදුවූ වෙනස්කම් ය. මෙය මැනීම සඳහා විද්‍යාඥයන් විසින් PIOMAS නමැති මොඩලය භාවිතා කරයි.
Sea Ice Thickness
(Credit: Zachary Labe)

ඉතින් මේ සියල්ල අපට කියන්නේ කුමක්ද? මෙය ආක්ටික් හෝ අත්ලාන්තික් සාගරයේ ප්‍රශ්නයක් මිස, ඉන්දියානු සාගරයේ ප්‍රශ්නයක් නොවන නිසා, මේ කතන්දර අපට අදාළ නැතැයි ඔබ තවමත් සිතනවාද?

මදක් පිටතට ගොස් බලන්න. ගහකොළ කේඬෑරි වී ගොස් ඇති බවත්, දහවලට එළිමහනේ පවා සිටිය නොහැකි තරම් වායුගෝලය උණුසුම් වී ඇති බවත් ඔබට දැනෙනු ඇත. ලෝකයේ දේශගුණික විපර්යාසවලින් හානියට පත් වන රටවල් අතර ලංකාව සිටින්නේ 6 වැනි තැන ය.

මූලාශ්‍රය
පෙර ලිපිය

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

error: Content is protected !!
error: Content is protected !!