BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ආදරණීය ඉටිපන්දම්

මා විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනාගේ ආත්මයන් ඒකාත්මික වූ නියම නිමේෂය එය වූ බවයි. ඒකාත්මික මිනිස් ඉටිපන්දම එහි පරම සංකේතය විය.

එය විල්ෂයරයේ පැවැත්වූ විශාල ම මංගල උත්සවය බවට සැක නැත. දේව මෙහෙය පැවැත්වීමට විනාඩි පහළොවකට පෙර දෙව්මැදුරේ රථ ගාල මෝටර් රථවලින් පිරී ඉතිරී ගියේ ය. මනා ලෙස අසුන් ගැනීමේ බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් රැස්කන්නා සේ පෙනිණි. එය පාදිලිවරයකුගේ පවා හදවත උණුසුම් කරවන සුලූ උත්සවයකි. එහෙත් එය සිදුවූයේ දේව මෙහෙය පැවැත්වීමට පැය කාලකට පෙර ය.

හරියට ම හතේ කණිසම වදින විට මවුවරු අසුන් ගත්හ. ඕගන් වාදකයා විජයග්‍රාහී ස්වර කිහිපයක් හරෑවමින් සිටියේ ය. මට පැවරී තිබූ රාජකාරිය වූයේ ඉදිරි පස වූ පැති දොරකින් ඇතුළු වී ඒ පීරෑ්‍රතිමත් අවස්ථාවේ මුලසුන හෙබවීමයි. මා දොරටුව වෙතට ළඟා වන විට ම ශාලාවේ කෙළවරකින් කලබලකාරී කටහරෑක් නැඟී ආවේ ය. “දැන්ම නෙවෙයි, පාදිලිතුමනි, දැන්ම දොර අරින්න එපා… පොඩි ප්‍රශ්නයක්..” හැරී බැලු විට මා දුටුවේ මල්කම් ශිල්පියාගේ සහායිකාව පවනට බඳු වේගයකින් මා වෙත දිව එන අන්දමයි. “පාදිලිතුමනි, අපට ඉටිපන්දම් රඳවනය හොයාගන්න බෑ..”’ උත්සවය නිල වශයෙන් අවසන් කිරීමට නම් එය අවශ්‍යම වේ.

“අපි ඒක හැම තැනම හෙව්වා… ඒත් හොයාගන්න බෑ… අනේ අපි දැන් මොකද කරන්නෙ…?”

ඇගේ ස්වරයේ තැවරී තිබුණාටත් වඩා විශාල ගැටලූවකට අප මැදිවී සිටින බැව් මට ඉවෙන් මෙන් දැනුණේ ය. පාදිලිවරුන්ගේ අත්පොතෙහි පවා මෙවන් විටෙක කළ යුතු දෙයක් ගැන උපදෙසක් නැති බව මට සිහිවේ. විවාපත් වීමට නියමිත යුවළ විසින් සිය උත්සවයේ විශේෂ අංගයක් ලෙස ‘ඒකාත්මික ඉටිපන්දම’ අවශ්‍ය කරන බව මට කල්තබා දැනුම් දී ඇත. පෙරදා පැවැති මංගල පෙරහුරු උත්සවයේ දී ද අප එය දැල්වීම පිළිබඳ පියවරෙන් පියවරට පෙර පුහුණුවීම් කර තිබේ. ‘ඒකාත්මික ඉටිපන්දම’ යනුවෙන් එය හැඳින්වෙන්නේ විවාපත් වන යුවළගේ පවුල් දෙකේ එක්තැන් වීම සංකේතවත් වන නිසා ය.

ඇත්තෙන් ම එය ඉටිපන්දම් තුනක එකතුවකි. මනාලයාගේ සහ මනාලියගේ මවුවරුන් ප්‍රවේශ මාර්ගය ඔස්සේ ඉටිපන්දම් රැගෙන පැමිණිය යුතු අතර, මා අත දැල්වෙන ඉටිපන්දම ද සහිත ව අලංකාර ලෝහමය ආධාරකයක ඒවා සවිකර මංගල දේව මෙහෙය අවසානයේ එය අල්තාරය අසල තැන්පත් කළ යුතු ය. දැන්, අස්ථානගතවී ඇති බව කියන්නේ එයයි…`

ඕගනයේ තත් වඩාත් හරෑ නගමින් වැයෙන්නට විය. මේ වන විට ‘දේවගැතිවරයා මොන ලෝකයේ දැයි’ සිතමින් ඕගන් ශිල්පිනිය සිය වම් උරහිසට උඩින් යන්තමින් බලමින් සිටින බව මම දන්නෙමි. “හොඳයි… ඔබ කලබල වෙන්න එපා…” මම පණිවුඩකාරියගේ සිත සන්සිඳුවන අටියෙන් කීවෙමි. “මම ඒ වෙලාවට සුදුසු දෙයක් කරන්නම්…” ඉන්පසු දේව මෙහෙය ඇරඹීම සඳහා දේවස්ථානයේ දොරටුව විවර කරන විට මගේ මනසේ තිබුණේ අනෙකකි. “දෙවියන් වහන්ස… මට දැන් කළ හැක්කේ කුමක්ද?..?”

මනාලයා සහ ඔහුගේ පිරිවර මා පසුපස ආහ. මනාලියගේ පාර්ශ්වය පැමිණ නියමිත ස්ථානයේ සිට ගත්හ. ඉටිපන්දම් ආධාරකය අස්ථානගත වීම ගැන ඔවුන්ව දැනුවත් කර තිබෙන බව මම ඒ වන විට දැනගෙන සිටියෙමි. මනාලියගේ පාර්ශ්වයේ වැඩිමල් කාන්තාවක් මා වෙත නැඹුරු වී යමක් කීවා ය. මට එය නෑසුණු බව ඇය මගේ මුහුණු ඉරියව්වලින් දැනගන්නට ඇත. එනිසා ඇය නැවත ද නැඹුරු වී මෙසේ කියා සිටියා ය.

“ෆාදර්.. අපි කිසිදෙයක් වෙනස් කරන්න අවශ්‍ය නෑ..” මම ප්‍රශ්නාර්ථයක් රඳවාගෙන ඇය දෙස බැලූවෙමි.

“ඒත්.. ඒත්… කොහොමද..?”

“කිසි දෙයක් වෙනස් කරන්න එපා..” එවිට වියපත් මව නැවත ද කීවාය.

අපි දේව මෙහෙයේ පළමු භාගය කිසිදු වෙනසකින් හෝ දුෂ්කරතාවකින් තොරව ඒ ආකාරයෙන් ම සිදුකළෙමු. මනාලිය හැර සෙසු සියල්ලන් සිටියේ සොම්නසිනි. ඇගේ චකිතය මට වටහා ගතහැක. තීරණාත්මක අවසන් මොහොතේ දී කුමක් සිදුවේදැයි ඇය චකිතයෙන් සිටිනවා විය යුතුය. මම උත්සව සභාව මෙහෙයවීමි. විවාහ සබඳතාවක් ගොඩනඟා ගැනීමේදී ප්‍රේමය සහ ඉවසීමේ වැදගත් කම පහදා දුනිමි. මනාලයාට සහ මනාලියට එකිනෙකාගේ දෑත් අල්ලාගන්නා ලෙස පවසා, ඔවුන් දිවිහිමියෙන් සිදුකරන්නට යන දිවුරුම කියවීම සඳහා සූදානම් වූයෙමි. හැම දෙයක්ම හොඳින් සිදුවන බවට විශ්වාසයක් එවේලේම මගේ සිතේ වුවත් එය සැනසිලිදායක හැඟීමක් බවට පරිවර්තනය නොවූයේ මේ සියල්ලේ අවසන් සාක්ෂිකරු මා ය යන සිතිවිල්ල නිසා ය.

අවසානයේ තීරණාත්මක මොහොත එළඹුණේය. දෙපසම මවුවරු දැල්වෙන ඉටිපන්දම් රැගෙන මා වෙත පියනඟමින් සිටියහ. මල්කම් ශිල්පියාගේ සහායිකාව විසින් මා තට පත් කළ දැල්වෙන ඉටිපන්දම මගේ එක් අතක විය. අනෙක් අත බයිබලය විය.

ඉන්පසු සිදුවූයේ අපූර්ව දෙයකි. මවුවරු දෙදෙන පැමිණ මා අසලින් ම සිට ගත්හ. ඉටිපන්දම් ආධාරකය නැති හෙයින් තව මිනිත්තු දහයක් පමණ යන තෙක් මේවා අප විසින් ම අත දරා සිටිය යුතු ය. අප නොදැනුවත්ම මිනිස් ඉටිපන්දම් ආධාරකයක් තැනී තිබුණේ ය. උණු ඉටි අතැඟිලි අතරින් ගලා ගිය ද මා හෝ දෙපස මවුවරුන් හෝ එයින් ඉපදෙන වේදනාව පෙන්වාලීමට පසුබට වූයේ නැත. ඒ දුටු මනාලියගේ දෑස් කඳුළින් පෙඟී ගියේය. මනාලයාගේ දෑස් මවුවරුන්ගේ සහ සිය පෙම්වතියගේ දෑස් අතර නිරන්තරයෙන්ම දෝලනය වන්නට විය. ඉන්පසු ඒවායේද බලා සිටියදී ආදරණීය කඳුළු මීදුමක් තැවරුණේ ය. මා විශ්වාස කරන්නේ ඔවුන් දෙදෙනාගේ ආත්මයන් ඒකාත්මික වූ නියම නිමේෂය එය වූ බවයි. ඒකාත්මික මිනිස් ඉටිපන්දම එහි පරම සංකේතය විය.

– දේවගැතිවර බෲස් මැක්ලෙවර් ගේ අත්දැකීමකි.

Cover Photo: Weddings to the Wire


රිදවීම් මිහිදන් කරන්න !

අම්මෙ මම දන්නවා…

මගේ පුතුගේ ජීවමාන දායාදය

ප්‍රථම පෙම

දම් පාට සුරංගනාවිය

තම පෙම්වතිය සොයා රටවල් අටක් ඔස්සේ ස්වීඩනයට පා පැදියෙන් ගිය කුලහීන පෙම්වතා

ප්‍රේමය සියල්ල ය.

පමා වී ආ පවන

error: Content is protected !!
error: Content is protected !!