BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ආදිවාසී මායා කාන්තාවන් 36 දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා විභාග කරයි

1980 ගණන් වලදී ආදිවාසී මායා කාන්තාවන් 36 දෙනෙකු අපයෝජනය කළ බවට චෝදනා ලැබූ හිටපු පැරාමිලිටරි සොල්දාදුවන් පස් දෙනෙකුට එරෙහිව ගෝතමාලාවේ නඩු විභාගය ආරම්භ කර තිබේ.

හමුදා ආන්ඩුව සහ වාමාංශික ගරිල්ලන් අතර සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවෙහි වසර පහක් පුරා මෙම අපයෝජනය සිදුවී ඇති බවට එරට හමුදාවන්ට චෝදනා එල්ල වී තිබේ.

වින්දිතයින් වෙනුවෙන් පෙනි සිටින නීතිඥයින් පෙනි සිටියේ, වින්දිතයින්ගේ ජීවිත විනාශ වී ඇති බවත්, මෙ අපයෝජනය සිදු වන විට එක් අයෙකුගේ වයස අවුරුදු 12 ක් පමණක් වූ බවත්ය.

මෙම ලිංගික අපයෝජන චෝදනා එල්ල වී ඇති පස්දෙනා අදාල චෝදනා ප්‍රතික්ෂේප කරති.ඔවුන් බන්ධනාගාරයේ සිට වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා නඩු විභාගයට එක් විම සිදු වේ.

චුදිතයින් 1960-1996 යුද්ධයේදී බහුවිධ ම්ලේච්ඡ ක්‍රියා සඳහා චෝදනා ලත් ග්වාතමාලාවේ සිවිල් ස්වයං ආරක්ෂක මුර සංචාර යේ හිටපු සාමාජිකයින් වේ. එවකට ග්වාතමාලා නගරයේ අගනුවරට උතුරින් බජා වේරාපාස් හි කුඩා නගරයක් වන රබිනාල් අවට මෙම ලිංගික අපයෝජන සිදුවී ඇති බවට චෝදනා එල්ල වි ඇත.

මෙම ප්‍රදේශය එවකට යුද සමයේදී දැඩි හානියට ඇති අතර 3,000 කට අධික පිරිසකගේ සිරුරු තැන්පත් කර ඇති සමූහ මිනීවළක් ඇති ස්ථානයකි. වින්දිතයින් 36 දෙනාගෙන් පස් දෙනෙකු පමණක් පළමු දිනයේ පෞද්ගලිකව නඩු විභාගයට සහභාගී වීමට එක් වේ.

මෙය ග්වාතමාලාවේ එවැනි ආකාරයේ සිදු වීමකට අදාල පළමු නඩු විභාගය නොවේ. 2016 දී, ආදිවාසී කාන්තාවන් ඝාතනය කිරීම, ලිංගිකව අපයෝජනය කිරීම සහ ලිංගික වහල්භාවයට පත් කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වසර 360 ක සිර දඬුවමක් නියම විය.

ග්වාතමාලාවේ 1996 වසරේ අවසන් වූ 36වසරක ගැටුම් වලින් පුද්ගලයන් 200,000ක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇත.


චිප් හිඟයයට පිලියමක්

ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ ‘මිනිස් ජාවාරම්’ බෝට්ටුවක් අනතුරකට ලක්​වේ

ප්‍රස්තා පිරුළක් කියා ජනපතිට අපහාස කළැයි තුර්කි මාධ්‍යවේදිනියක් සිරගත කරයි!

ලෝකයේ විශාල සමාගම් රැසක කඩාවැටීමක් – ලොකුම කෝටිපතියන්ට සතියක් ඇතුළත ඩොලර් බිලියන ගණනක් අහිමි වෙලා!

යේමන් බන්ධනාගාරයකට මාරක ගුවන් ප්‍රහාරයක් – 70කට වඩා මරුට

ශ්‍රී ලංකාවේ උභතෝකෝටිකය: ආහාර ද්‍රව්‍යද, විදුලිය සඳහා ඉන්ධන ද? – ජාත්‍යන්තර මාධ්‍ය ඇසින්

අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය රුවන්ඩාවට?

ඔබේ වැසිකිළියේ ශබ්දය, අසල්වැසියාගේ මානව හිමිකම් උල්ලංඝනය කරනු ඇත! – කවුරු කොහොම කිව්වත්, ඉතාලිය තමයි ‘හොඳටම කරේ’!

error: Content is protected !!
error: Content is protected !!