×

ඇමරිකාවේ කොවිඩ් ජීවිත හානි ලක්ෂ 2 කඩඉම පසු කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගියේ මානව ඉතිහාසයේ තවත් අඳුරුතම සන්ධිස්ථානයක් සටහන් කරමිනි.


නවතම වාර්තාවලට අනුව මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයෙන් දිනකට ආසාදිතයන් 35,000 40,000 අතර ප්‍රමාණයක් වාර්තා වේ.

මෙය පාලනයෙන් බැහැර වූ අගයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

අපගේ අසල්වැසි ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවා යන අවස්ථා සුලබ ය. උදාහරණයක් ලෙස ඊයේ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 83,000 ඉක්මවා ගියේය. නමුත් ඇමරිකාවේ තත්වය ඉන්දියාවේ තත්වයට වඩා බෙහෙවින් වෙනස් වන්නේ, ඇමරිකාවේදී කොවිඩ් ආසාදිතයෙකු බවට පත්වන අයෙකු මරණයට පත් වීමේ අවදානම අධික බව පෙනෙන්නට ඇති බැවිනි.

පහත දැක්වෙන්නේ අද උදෑසන 9 වන විට ඇමරිකාවේ තත්වයයි.

https://www.worldometers.info/coronavirus/country/us/

ඇමරිකානුවන් ලක්ෂ 2 ක් කොරෝනා වෛරසයට මේ අන්දමින් ගොදුරු වීම ගැන අදහස් දක්වමින් බේයර් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය පීටර් හොටේස් ප්‍රකාශ කළේ ‘‘”We may be in for a very apocalyptic fall, I’m sorry to say,” යනුවෙනි.

‘‘අප සිටින්නේ ඉතාම අනාගතවාචී ඇද වැටීමක විය හැකි බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි..‘‘

ඇතැම් ඇමරිකානුවන් මේ වන විට කොවිඩ් වසංගතය හඳුන්වන්නේ ඇසට නොපෙනෙන්නට මිනිස් සමාජය වෙළාගත් ‘නව සියවසේ ලෝක විනාශයක්‘ ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි