ඇමරිකාවේ කෝවිඩ් මරණ ගණන 250,000 ඉක්මවයි
ඇමරිකාවේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ ගණන අද දිනයේ දෙලක්ෂ පණස් දහස ඉක්මවා ගියේය.

ඒ සමගම නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද, රෝහල්ගත වීම් සංඛ්‍යාව ද සීඝ්රයෙන් ඉහළ යමින් තිබේ. ඊයේ දිනයේ නව රෝහල්ගත වීම් 77,000 ක් වාර්තා විය.
ගතවූ සති දෙක තුළ වාර්තා වූ අගයට වඩා නව ආසාදනයන් 80%කින් වැඩි වී තිබේ. ඒ අනුව දැන් ඇමරිකාවෙන් දිනකට නව ආසාදිතයන් 160,000 බැගින් වාර්තා වේ.
ස්කයි පුවත් සේවාව පවසන්නේ ඇමරිකාවේ ජනපද 50 තුළම තත්වය නරක අතට හැරෙමින් පවතින බවයි.
දිනකට සිදුවන මරණ ගණන ද 1,155 දක්වා ඉහළ ගොස් තිබේ.
පෙර ලිපි
ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ අසූහාර දහස දක්වා ඉහළට
ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන එක්ලක්ෂ අසූහාර දහස දක්වා ඉහළට!
සියයට 95 ක් සාර්ථක කෝවිඩ් වැක්සිනයක් ඇමරිකාවෙන්
Main Photo: Cavan Images / Getty Images
Really bad situation a moment