×

ඇමරිකාවේ ලැව්ගිනි : අක්කර මිලියන ගණනක් ගිනිබත් – 23 ක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ කැලිෆෝනියාව, ඔරිගන් සහ වොෂින්ටනයේ ලැව්ගිනි හටගෙන ඇති අතර, මේ වන විට පුද්ගලයන් 23 දෙනෙකු අවම වශයෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ.


ලක්ෂ 5කට අධික පිරිසකට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසට නියෝග කර තිබේ.

පෝට්ලන්ඩ්, ඔරිගන් හි වැසියන් සිකුරාදා දිනයේ අවදි වන විට සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් දුමක් පැතිර තිබූ බවත්, අහස ලේ තැඹිලි පැහැයට හැරී තිබූ බවත් ‘ද ගාඩියන්‘ වාර්තා සඳහන් කරයි.

එහි තවදුරටත් දැක්වෙන්නේ මෙම ලැව්ගිනි ‘ඉතිහාසගත‘ තත්වයක පවතින බවයි.

ලැව්ගිනි අවදානම අධිකම කලාප දෙක වශයෙන් මේ වනවිට හඳුනාගෙන තිබෙන්නේ වෙස්ට්කෝස්ට් සහ කැලිෆෝනියාවයි. එහි අක්කර 750,000 කට අධික ප්‍රමාණයක් ගිනිබත් ව තිබේ.

ඔරිගන් ජනපදයේ අක්කර 863,794 ක් ගිනිබත් ව ඇති බව නිල වාර්තාවල සඳහන් වේ.

මෙහි ලැව්ගිනිවලට හේතුව එක් විනාශකාරී පුද්ගලයෙකු විසින් සිදුකළ ගිනි තැබීමක් බව ද මේ වන විට සනාථ වී ඇත.

Credit…Gillian Flaccus-Associated Press

දහස් ගණන් වූ ගිනි නිවන භටයෝ මේ වන විට විශාල ප්‍රමාණයේ ලැව්ගිනි 100 ක් පමණ නිවීමට වෙහෙස වෙමින් සිටිති. වොෂින්ටනයේ විශාල ලැව්ගිනි 10 ක් පමණ හටගෙන ඇත.

වෙස්ට්කෝස්ට් සහ ඇලස්කා ජනපදවල ගිනිනිවන භටයන් හා සහායකයන් 28,000 ක් යොදවා ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වොෂින්ටන් ආණ්ඩුකාර ජෙයි ඉන්ස්ලී අවධාරණය කරන්නේ මෙම ලැව්ගිනි දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වන බවයි. “These are not just wildfires, they are climate fires,”යැයි ඔහු ඊයේ පැවසුවේය.

කැලිෆෝනියානු ආණ්ඩුකාරවරයා මෙසේ පවසයි.

‘‘අපි වසර 2040 දි හෝ 2050 දි බලාපොරොත්තු වුණු විදිහෙ උවදුරක් කැලිෆෝනියාව, වෙස්ට්කෝස්ට් සහ ඇමරිකා එක්සත් ජනපදයට දැන් ඇති වී තිබෙනවා..‘‘

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි