×

ඉන්දියාවේ සිට ලන්ඩනයට බස් සේවාවක් – ලොව දිගම බස් සේවය 2021 මැයි මස ඇරඹෙයි

ලොව දීර්ඝතම බස් සවාරිය 2021 මැයි මස සිට ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.


‘ලොව දිගම බස් සේවය‘ යනුවෙන් මෙය හැඳින්වීම අරුමයක් නෙවෙයි.

2021 මැයි මස ආරම්භ වීමට නියමිත මෙය, ලෙහෙසි පහසු ගමනක් නම් නෙවෙයි. එක දිගටම දින 70 ක ගමනක්.

රටවල් 18 ක් හරහා යන ගමනක්. හැතැක්ම 12,000 ක්.

කොහොම වුණත් දින 70 ක් එක දිගට යන්නට පුලුවන් වන ආකාරයේ සියලුම පහසුකම් මේ තුළ අන්තර්ගතයි. ඒ නිසා මෙය සාමාන්‍ය බසයකට වඩා සුඛෝභෝගී කෝච්චියක් ලෙසත් හඳුන්වන්නට පුලුවන්.

එතකොට රාත්‍රිය ගත කරන්නෙත් බස් එකේද? මෙය බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක්. බස් රිය තුළ වයිෆයි පහසුකම් ඇතුළු සියලුම දේ අන්තර්ගත වුණත් හැම රාත්‍රියක්ම සුඛෝපභෝගී හෝටල්වල ගත කරන්නට මගීන්ට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නෙ සෑම රාත්‍රියකම බස් රථය තමන් පසුකරන රටේ, අදාළ නගරයේ තරු පහේ හෝටලයක නතර කරනවා ඇති.

ටිකට් එකක මිල එක් අයෙකුට ඩොලර් 20,000 ක්. නවාතැන් පහසුකම් ආදිය සලකා බලන විට මෙය කොහෙත්ම අසාධාරණ නැති බව ඔවුන් කියනවා.

මෙම අති සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කරන්නේ Adventures Overland සමාගම විසින්. එය ඉන්දියානුවන් දෙදෙනෙක් වන සංජේ මාදන් සහ තුෂාර් අගර්වාල්ගේ බස් සමාගමයි.

මංගල ගමන සඳහා ඔවුන් දැනටමත් 20 දෙනෙකුට අවස්ථාව ලබාදෙන්නට සූදානම්.

A bus is being boarded by a group of travellers, ready to begin their journey.
(Photo by Hinterhaus Productions/Getty Images)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කෙසේ නමුත් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ කොවිඩ් -19 වසංගතයේ තත්වය අනුව බස් සේවාව ආරම්භ වන දිනයේ වෙනස්කම් සිදුවිය හැකි බවයි. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් කොවිඩ් වසංගත තත්වය වර්ධනය වන ආකාරය විමසා බලා සීට් බුක් කිරීම පටන් ගන්නා ලෙස ඔවුන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

බස් ගමන පටන් ගන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරින්. ඉන්පසු එය මියැන්මාරය, තායිලන්තය සහ ලාඕසය හරහාත්, එතැනින් චීනයට සහ මධ්‍යම ආසියාවටත් ගොස් යුරෝපයට පිවිසෙනවා.

China
Great Wall of China. (Photo courtesy of Pixabay)

වීනය පසු කරන විට මගීන්ට චෙන්ගු පළාතේදී පැන්ඩාවුන් මුණ ගැහෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, චීන මහා ප්‍රාකාරයේ ඇවිදින්නත් අවස්ථාව දෙන බව ඔවුන් කියනවා. මාගෝ ගුහා බලන්න යන්නත්, ගෝබි කාන්තාරය බලන්නට යන්නත් මගීන්ට පුළුවන්.

බස් රිය සේද මාවත දිගේ ගොස් කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසකස්ථානය හරහාත් යනවා. රුසියාවේදී වොල්ගා නදිය බලන්න වගේම කැස්පියන් මුහුදේ නෞකාවකට නගින්නටත් අවස්ථාව ලබාදෙන බව කියැවෙනවා.

අවසානයේදී යුරෝපයට ගිය විට ලැට්වියාව, ලිතුවේනියාව සහ පෝලන්තයටත්, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නුවරටත්, එතැනින් බෙල්ජියටමත් ඔවුන් ගමන් කරනු ඇති.

බස් රියේ ගමන දින 68කින් හරියටම නිම වෙනවා. ඉන්පසුව ඉතිරි දින දෙකේදී ඔවුන්ව ලන්ඩනයේ සිරි නරඹන්නට රැගෙන යන්නේත් බස් රියෙන්මයි.

ඉතින් ඩොලර් 20,000 කට මේ හැම දෙයක්ම ලබාදෙන එක (මෙයට වීසා ගාස්තු සහ ආහාරපාන ඉඳුම් හිටුම් වියදම් පවා ඇතුළත්) සෑහෙන්න වටින බව ඔබටත් හිතෙනවා නම් පහත ලින්ක් එක ඔස්සේ ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් ටිකට් සහ ආසන වෙන් කිරීම ගැන වැඩි විස්තර සොයාගන්න පුළුවන්

click here

A coach bus in a city street

 photo by Mario Gutiérrez/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි