BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

චීනය සහ ඉන්දියාව අතර තවමත් එක් රටක් අවසන් වන අතර අනෙක් රට ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පිළිබඳව මතභේද පවතී.

ඉන්දියාව හා චීනය අතර මතභේදයට තුඩු දී ඇති දේශ සීමා කලාපයේ එක්සත් ජනපදය ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වීමට සූදානම් බව වාර්තා වේ. Auli යනු ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමාව වන අතර එය සැබෑ පාලන රේඛාවේ (LAC) සිට කිලෝමීටර් 95 ක් පමණ දුරින් පිහිටා ඇත. චීනය සහ ඉන්දියාව අතර තවමත් එක් රටක් අවසන් වන අතර අනෙක් රට ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පිළිබඳව මතභේද පවතී. මෙම අභ්‍යාස පැවැත්වෙන්නේ “යුද් අබ්‍යාස්” හෝ “යුද පුහුණුව” ලෙසින් හඳුන්වනු ලබන වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාසයේ 18 වන සංස්කරණය නිමිත් කරගෙනය.

1962 චීන-ඉන්දියානු දේශසීමා යුද්ධයෙන් මෙම ගැටුම මතු වූ අතර එය දිගුකාලීන භෞමික මතභේද හරහා අදටද නොවිසඳී ඇත.

2020 ජුනි මාසයේදී චීනය විසින් පාලනය කරන ලද නමුත් අක්සායි චින් ප්‍රදේශයට ආසන්න ගල්වාන් නිම්නයේ දී අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු හා චීන සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගිය දා සිට ඉන්දු චීන සබඳතා පළුදු විය. මෑතකදී පැන්ගොං ත්සෝ විල හරහා චීනය පාලමක් තැනීම මගින් මෑතකදී ආතතීන් තව දුරටත් ඉහළ ගොස් ඇත. මෙ ඉන්දියාව හැඳින්වූයේ “නීති විරෝධී වාඩිලෑමක්” වශයෙනි.

පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් අණදෙන නිලධාරී ජෙනරාල් චාල්ස් ෆ්ලින්, මතභේදයට තුඩු දී ඇති දේශසීමා ආසන්නයේ චීනයේ හමුදා ගොඩ නඟා තිබීම භයානක තත්වයක් බව විස්තර කර තිබිණි.

මෙම ඒකාබද්ධ අභ්‍යාස පිළිබඳ විමසූ විට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු CNN වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයේ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ කලාපීය ආරක්ෂක අභියෝග රාශියකට මුහුණ දීම සඳහා අපගේ අදාළ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ද්විපාර්ශ්වික අභ්‍යාසය සිදු කරන බවයි.

මෙම නොපැහැදිලි දේශසීමාව තුළ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශවයම හදිසි බට පිරිස් රඳවා ඇති අතර දෙපාර්ශවයටම න්‍යෂ්ටික අවි ඇති හෙයින් ඕනෑම මිලිටරි ප්‍රකෝප කිරීමක් හරහා බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකිය.

සශිකලා මධුෂාණී_


කියුබාවටත් අභිමානයේ දේදුනු පෑයූ වගයි!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

error: Content is protected !!
error: Content is protected !!