BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉරාකයේ ෂියා නායක මුක්තාදා අල්-සදර්ගේ අනුගාමිකයන් පාර්ලිමේන්තුවට කඩා වදියි.

ඉරාකයේ ‌දේශපාලනික අස්ථාවරත්වය 2022 සඳහා අයවැයක් ඉතිරිකර නොමැති අතර අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වියදම් රඳවා තබා ඇත. මේ වන විට ඉහළ බොරතෙල් මිල නිසා බැග්ඩෑඩය වාර්තාගත තෙල් ආදායමක් උපයන අතර වසර පහකට පෙර ISIL (ISIS) පරාජය කිරීමෙන් පසු විශාල යුද්ධ කිසිවක් දැක නැති නමුත් සේවා සහ රැකියා හිඟයක් තත්වය උග්‍ර කරන බව ඉරාක වැසියන් පවසයි.

ඉරාක ෂියා නායක මුක්තාදා අල්-සදර්ගේ අනුගාමිකයන් දස දහස් ගණනක් අද(28) දින ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ. මීට හේතු වී ඇත්තේ හිටපු අමාත්‍යවරයකු සහ හිටපු පළාත් ආණ්ඩුකාරවරයකු වන මොහොමඩ් ෂියා අල්-සුඩානි අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙනි.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවේ පවතින හරිත කලාපයට කඩා වැදී ඔවුන් දූෂණයට විරුද්ධයි, දූෂිත දේශපාලකයන්ට විරුද්ධයි යනුවෙන් මෙන්ම රට වසර ගණනාවක් දූෂණයෙන් හා වැරදි කළමනාකරණයෙන් පීඩා විඳි බවට සිය සටන් පාඨ ඉදිරිපත් කර ඇත. තත්වය මර්දනය කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය මීට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබේ. හරිත කලාපයට ඇතුළු වන පිවිසුම් දෙකක් වටා රොක් වූ විරෝධතාකරුවන් “අල්-සුඩානි, එළියට!” යනුවෙන් කෑගසමින් සිය විරෝධය ප්‍රකාශ කර ඇත.

 

2021 ඔක්තෝම්බර් ඉරාක මැතිවරණයෙන් අල්-සද්ර්ගේ කණ්ඩායම ආසන 73ක් දිනාගත් අතර එය ආසන 329කින් යුත් පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් විය. එසේ බහුතර බලයක් සහිතව අල්-සදර් සිටියදී අල්-සුඩානිව තෝරා ගනු ලැබුවේ රාජ්‍ය නීති නායක සහ හිටපු අගමැති නූරි අල්-මලිකි විසිනි. අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් අසුන් ගැනීමට අල්-සුඩානි පාර්ලිමේන්තුවට මුහුණ දීමට පෙර, පක්ෂ පළමුව ජනාධිපතිවරයෙකු තෝරා ගත යුතුය. ඉරාකයේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අවශ්‍ය බහුතරය ලබා ගැනීමට ප්‍රමාණවත් නීති සම්පාදකයින් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමෙන් පසු අල්-සදර් රජය පිහිටුවීමේ සාකච්ඡාවලින් ඉවත් විය. මේත් සමඟ අල්-සද්ර්ගේ විශාල බිම් මට්ටමේ අනුගාමිකයින් සහ අස්ථාවරත්වය විසින් සංවිධානය කරන ලද වීදි විරෝධතා ආරම්භ වන්නට විය.

මුක්තාදා අල්-සදර් මෙහිදී සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ රාජ්‍ය දේපළවලට‍‍ හානි නොකර ඉන් පිටව යන ලෙසයි. රාජ්‍ය ආයතන සහ විදේශ දූත මණ්ඩල ආරක්‍ෂා කිරීමටත්, ආරක්‍ෂාවට සහ සාමයට සිදුවන හානිය වැලැක්වීමටත් ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටින බව ට්විට්හි පණිවුඩයක් මඟින් ඔහු ප්‍රකාශ කර තිබුණේ විරෝධතාකරුවන්ට ආරක්ෂිතව සිය නිවෙස්වලට යන ලෙසයි.

ඉරාකයේ ‌දේශපාලනික අස්ථාවරත්වය 2022 සඳහා අයවැයක් ඉතිරිකර නොමැති අතර අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වියදම් රඳවා තබා ඇත. මේ වන විට ඉහළ බොරතෙල් මිල නිසා බැග්ඩෑඩය වාර්තාගත තෙල් ආදායමක් උපයන අතර වසර පහකට පෙර ISIL (ISIS) පරාජය කිරීමෙන් පසු විශාල යුද්ධ කිසිවක් දැක නැති නමුත් සේවා සහ රැකියා හිඟයක් තත්වය උග්‍ර කරන බව ඉරාක වැසියන් පවසයි.
ඔවුන් බලාපොරොත්තු වන්නේ මුක්තාදා අල්-සදර්ගේ පාලනයකි.

සශිකලා මධුෂාණී_


දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

හිජාබයෙන් අවධි වුණු ඉරාණයේ රණ හඬ

නෝරු සුළි කුණාටුවේ බලපෑම පිලිපීනයට

error: Content is protected !!
error: Content is protected !!