×

ඊශ්‍රායල වැසියන් 4ක් හමාස් භාරයේ ප්‍රාණ ඇපයේදී මිය ගිහින්!

මේ බව අනාවරණය කර ගෙන තිබෙන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ බව අනාවරණය කර ගෙන තිබෙන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ඔවුන්ගේ සිරුරු තවමත් හමාස් සංවිධානය සතු බවයි. ජිවිතක්ෂයට පත්වූවන් අවුරුදු 85 / 80 / 79 හා 51 යන වයස්වල පසුවන්නන් බව ද සදහන් වේ..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි