BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

උතුරු ඉතාලියේ නියඟක් හා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ

උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.

අසාමාන්‍ය ලෙස උණුසුම් කාළගුණය සහ ශීත සෘතුවේදී හා වසන්ත සෘතුවේ ලද අඩු වර්ෂාපතනය හේතුවෙන් උතුරු ඉතාලිය තුළ ජල හිගය උග්‍ර ගැටලුවක් බවට පත්ව ඇත. මේ වන විට නගර සභා කිහිපයකටම ජල සලාක ලබා දීම නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉතාලියේ කෘෂි කාර්මික සංවිධානයක් වන Coldiretti විසින් BBC වෙත ප්‍රකාශ කර තිබුණේ පවතින නියඟය හේතුවෙන් ඉතාලියේ කෘෂිකාර්මික නිෂ්පාදනවලින් 30% කට බලපෑම් කර ඇති බවයි. ඉතාලියේ හදවත හෙවත් පෝ ගඟ මේ වන විට සිඳීමේ අවධානයට ලක්ව ඇත. දැනටමත් ලුණු සහිත මුහුදු ජලය මේ වන විට ගඟට කාන්දු වෙමින් වගාවන් විනාශ කරන බවයි පෝ ගංඟා මිටියාවතේ ගොවියන් පවසයි.

පසුගිය දා ඉතාලියේ ඩොලමයිට්ස් කඳුවැටියේ Marmolada ග්ලැසියරය කඩා වැටීමෙන් අවම පස් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන්ව ඇති බව නිවේදනය විය. ප්‍රදේශය පවතින අසාමාන්‍ය උෂ්ණත්වය හේතුවෙන් ග්ලැසිරය මෙලෙස දියවී යන්නට ඇතැයි හදිසි සේවා ප්‍රකාශිකා මිචෙලා කැනෝවා විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මේ හේතුවෙන් ඇති වඋ කුණාටු තත්වයට මැදිව අතුරුදන්වූ  විදේශිකයින් සොයා තාප රූප සහිත ඩ්‍රෝන යානා යොදවා තිබේ.

පවතින ජල හිගය විසදීම සඳහා ඩොලර් මිලියන 38ක මුදලක් යෙදවීමට රජය සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.

සශිකලා මධූෂාණී_


කියුබාවටත් අභිමානයේ දේදුනු පෑයූ වගයි!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

error: Content is protected !!
error: Content is protected !!