BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

එංගලන්තයේ පෑඩ් කතාව රීයූසබල් නැපි දක්වා යද්දී ලංකාවේ මේ දරුවන් අද කොහිද..?

එක්සත් රාජධානියේ ‘නැපි කතාව‘ මේ වන විට දීප ව්‍යාප්ත වවුචර ක්‍රමයක් දක්වා දීර්ඝ වී තිබේ.

වවුචර ක්‍රමයට දෙමාපියන් වෙත නැපි ලබාදෙන්නැයි ඔවුන් කරන ඉල්ලීම දැන් අග්‍රමාත්‍ය කාර්යාලය දක්වාම ගොස් තිබේ. ඒ, වරක් පාවිච්චි කර ඉවත දමන නැපි වලට අලුත් බද්දක් පැනවීමේ සූදානමක් ගැන පුවත් මැවීමත් සමග ය. දැන් සනීපාරක්ෂක තුවා වෙනුවෙන් ඇරඹුණු ආකාරයේ සමාජ ව්‍යාපාරයන් නැපි වෙනුවෙන් ද ඇරඹෙමින් තිබේ. The Nappy Alliance වැනි සංවිධාන ද ඒ වෙනුවෙන් බිහි වෙමින් තිබේ.

එංගලන්තයේ ළමා දරිද්‍රතාවය පිළිබඳ 2018 වසරේ සාකච්ඡාව ඇරඹුණේ, ආර්තව දුගී බව (පීරියඩ් පවර්ටි) ඉස්මතු වීමත් සමග ය. බීබීසී පුවත් සේවය විසින් පළ කළ එක් විශේෂාංගයක දැක්වුණේ, එංගලන්තයේ වැඩිවිය පැමිණි දැරියන් සේදූ මේස්වල සිට ටොයිලට් පේපර්ස් දක්වා දේවල්, මාසික ඔසප්වීමේදී පාවිච්චි කරන බව ය. ලෝකයේ පළමු වරට සනීපාරක්ෂක තුවා සුබසාධන වැඩපිළිවෙළක් ලෙසට නොමිලේ ලබාදුන්නේ ස්කොට්ලන්තයයි. නමුත් ඔවුන්ට ද ලංකාවට මෙන් මග වැරදිණි. ඔවුන් ලබාදුන්නේ කෘත්‍රිම සනීපාරක්ෂක තුවායන් ය. ඒවා නැවත නැවතත් පාවිච්චි කළ හැකි නොවිණි. බැහැර කිරීමට නිසි ක්‍රමවේදයන් ද තිබුණේ නැත.

ලංකාවේ නෙළුම්යාය පදනම (Nelumyaya Foundation) , නැවත නැවතත් පාවිච්චි කළ හැකි පරිසර හිතකාමී සනීපාරක්ෂක තුවා ගැන සාකච්ඡාව ගෙන ආ විට ද දේශපාලනඥයන් විසින් එය කොනකින් පමණක් අල්ලාගත් ආකාරය පෙනිණි. අවසානයේ එය නතර වූයේ කෘත්‍රිම සනීපාරක්ෂක තුවා සඳහා සෙස් බද්ද ඉවත් කරමින්, ඒවා පාවිච්චිය තවත් දිරි ගන්වමිනි.

වරක් පාවිච්චි කළ හැකි නැපි, වරක් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවායන්ට සමාන ය. ඒවා අවසානයේ කුණු කඳු බවට පත් ව මිහිමත ගොඩ ගැසෙනු ඇත. නමුත් නැවත නැවතත් පාවිච්චි කළ හැකි විට එය එසේ නොවේ. සෝදා වේලා ගැනීමට කම්මැලි නැතිනම්, එංගලන්තය වැනි සෘතු භේදයක් පවතින රටවල් පවා මේ වෙත යොමුවෙද්දී ලංකාව වැනි සමකාසන්න රටවලට මෙය හොඳින්ම සලකා බැලිය හැකි වනු ඇත.

පරිසරයට ආදරය මිනිස්සු

පරිසරයට ආදරය කරන හෝ, දේශගුණික විපර්යාසය ‘සීරියස්‘ සහ ‘ඇත්ත‘ ප්‍රශ්නයක් ලෙස දකින රටවල් මේ වන විටත් නැපි සඳහා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගැනීම ගැන සලකා බලමින් සිටිති. ඒ අනුව විකල්ප ලෙස කපු, උණ, ක්ෂුද්‍ර තන්තු සහ හෙම්ප් යොදාගැනීමට ඔවුහු අපේක්ෂා කරති. මෙවැනි කර්මාන්තයක් මුලදී ඇරඹීමට තරමක ප්‍රාග්ධනයක් අවශ්‍ය වුවද, එහි ලාභය දීර්ඝකාලීන ය.

එංගලන්තයේ සුපිරි වෙළඳසැල්වල රීයූසබල් Bambino Mio හෙවත් උණ යොදාගෙන නිපදවූ නැපියක මිල පවුම් 16 කි. මේ අතර, එක් වරක් භාවිතා කර ඉවත දැමිය හැකි නැපියක මිල වෙළඳපොළෙහි ඉතා අඩු ය. නමුත් දෙමාපියන් රීයූසබල් නැපි වෙත යොමු වුවහොත් එම පවුලට දීර්ඝකාලීනව පවුම් 300-400 අතර මුදලක් ඉතිරි කර ගත හැකිය. ඒ පණිවුඩය ගෙන යන අතරවාරයේම The Real Nappies for London සංවිධානය, කෘත්‍රිම නැපිවලින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රාදේශීය බලධාරී ආයතන 15 ක් සමග වැඩ කරමින් සිටියි. මේ අතර Keep Britain Tidy ලාභ නොලබන සංවිධානය පවසන්නේ වරක් පාවිච්චි කර ඉවත දමන නැපි ප්‍රතිචක්‍රීකරණය කිරීම නිසාම, ලන්ඩනයේ කුණු කඳු ගොඩ ගැසී ඇති බවයි. ඒවා ඉවත් කිරීමට වසරකට පවුම් දහස් ගණනක් අවශ්‍ය කෙරේ.

ප්ලාස්ටික් කසල කඳුවල වැඩිපුරම තිබෙන්නේ නැපි!

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනට අනුව, වරක් පාවිච්චි කර ඉවත දමන නැපි, ගෝලීය වශයෙන් ගත් විට ලෝකයේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට ලොකුම දායකත්වයක් දක්වන සාධකය බවට පත් ව තිබේ. ලබන වසර වන විට මෙම වරක් පාවිච්චි කර ඉවත දමන නැපි කර්මාන්තය ඩොලර් බිලියන 71 ක් දක්වා ඉහළ යාමට නියමිත ය. ඒ දත්තවලින් පෙන්වන්නේ ලෝකයට කොතරම් නැපි අවශ්‍ය ද යන්නයි. මෙයට වසර 3 කට පෙර එංගලන්තයේ පරිසර ලේකම්වරයා, පාවිච්චි කර විසි කරන නැපි තහනම් කරන බවට ඉඟි කළේය. නමුත් එය හකුළා ගන්නට සිදුවුණේ දස දෙසින් නැග ආ විරෝධයන් හමුවේ ය. ලෝකය එතරමටම දේවල් පාවිච්චි කර ඉන්පසු විසි කර දැමීමට නැඹුරු වී සිටියි. දැන් ඔවුන්ට ඒ වරද නිවැරදි කර ගැනීමට උවමනා ය.

එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ….

සාමාන්‍ය දරුවන් පවා ළමා දරිද්‍රතාවයෙන් බැට කන මේ යුගයේ, කිසිදු දේශපාලන තීන්දු තීරණ ගන්නෙකු විසින් ඔටිසම් වැනි තත්වයන්ගෙන් පෙළෙන දරුවන්ගේ, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ගැන කතා කර තිබේද? අප විසින් ඔවුන්ව සහමුලින්ම අමතක කර තිබේ.

ආර්තව දරිද්‍රතාවය (period poverty) මෙන්ම නැපි දරිද්‍රතාවය ද ළමා දරිද්‍රතාවයේ (child poverty) ම අනුලංඝනීය කොටසකි. මේ ගත වන්නේ ලෝකයේ ‘වසංගත යුගය‘යි. අපි දරුවන්ගෙ ඔන්ලයින් අධ්‍යාපනය ගැන බෙහෙවින් කතා කරමු. නමුත් නෙළුම්යාය පදනමට හමුවූ මේ දරුවන් විශේෂ දක්ෂතා සහිත දරුවන් ය. ඔවුන් මෙසේ උපන්නේ ඔවුන්ගේ කැමැත්තකින් හෝ ඔවුන්ගේ වරදකින් නොවේ. ඔන්ලයින් අධ්‍යාපනය නොව, මේ දරුවන්ගේ ජීවිතයේ එකම සතුට වන්නේ නැටුම් හෝ සංගීත පන්තියකට ගොස් ඒ කාරුණික ගුරුවරුන් සමග හෝරා කිහිපයක් ගත කරමින් සිය දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමයි. ඉතා ඉඳහිට මේ දරුවෝ මෙසේ සමාජය ඉදිරියට පැමිණ අප හඬවා සැඟව යති. මේ වසංගත සමයේ ඔවුන් කුමක් කරනවා ඇත්ද? ඔවුන් අපට හමුවූයේ ආර්තව දරිද්‍රතාවය දුරැලීම සඳහා නෙළුම්යාය පදනම විසින් ගත් මුල පිරීමේදී ය. මේ කණ්ඩායමේ දැරියන් ඒ නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක තුවාවල භාවිතයේ පහසුව ගැන අදත් කතා කරති. මෙම සංකල්පයේ සාර්ථකත්වය පිළිබඳ ඔවුහු නිහඬ සාක්ෂිකරුවෝ ය.


ලැව් ගින්නෙන් වැසී යන ලෝකයේ ලොකුම ගස නොහොත් ‘ජනරාල් ෂර්මන්‘

ඩයිනෝසෝරයන් මිහිමතින් තුරන්ව ගියත් උරගයින් ඉතිරි වෙලා

රටේ ධනවත්ම මිනිසා අගමැති කරමින් ලෙබනනයට අලුත් ආණ්ඩුවක්

මලික් පීරිස්ට චීන නොබෙල් සම්මානය !

ඇෆ්ගනිස්ථානයේත් චීනය වරායක් හදන පෙර නිමිති : කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් සමග කන්න අඳින්නත් දෙන්න පොරොන්දු

‘‘උඹලට බැරි නම් අපි වෙනස් වෙන්නම්!‘‘ දේශගුණික අර්බුදය හමුවේ හැඩය වෙනස් කරන සත්තු

‘‘මියුසික් හරාම්!‘‘ – අන්තවාදී තලෙයිබානය සංගීතය තහනම් කිරීමෙන් නොනැවතී…

නිරිතදිග මෙක්සිකෝවේ සිදු වූ බලවත් භූමිකම්පාවකින් එක් අයෙකු මරු​ට

error: Content is protected !!
error: Content is protected !!