BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

එක්සත් ජනපදය වඳුරු වසංගතය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරයි

වඳුරු උණ රෝගය සාමාන්‍යයෙන් රටවල් 70කට අධික සංඛ්‍යාවක වාර්තා වී ඇති අතර, ලොව පුරා රෝගීන් 26,000කට වඩා මේ වන විට වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

අගෝස්තු මස 3 වන දිනය වන විට වඳුරු උණ රෝගීන් 6,600 ඉක්මවන ලද සංඛ්‍යාවක් තහවුරු වීමත් සමඟ, එක්සත් ජනපදය වඳුරු වසංගතය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
සෞඛ්‍ය හා මානව සේවා ලේකම් Xavier Becerra විසින් මහජනතාවගෙන් ඉල්ලා තිබුණේ මෙය බැරෑරුම් තත්වයක් ලෙස සලකන ලෙසයි.

මෙම රෝගය බොහෝවිට පුද්ගල සබඳතා ඇඳුම් පැළඳුම් ස්ලර්ශයන් ආදියෙන් සම්ප්‍රේෂණය වන්නකි. උණ, හිසරදය, කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව සහ කුෂ්ඨ වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි අතර එය කැසීම සහ වේදනාකාරී විය හැකි නමුත් කලාතුරකින් මාරාන්තික වේ. රෝගය සාමාන්යයෙන් සති 2-4 ක් පවතී. එක්සත් ජනපදයේ මරණ කිසිවක් මේ වනතෙක් වාර්තා වී නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජුලි 23 වන දින ගෝලීය සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් වන වඳුරු රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එක්සත් ජනපදය පුරා, ප්‍රාන්ත සහ මහ නගර සභා ගණනාවක් දැනටමත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත. තහවුරු වූ රෝගීන් 826 ක් සිටින කැලිෆෝනියාවේ අගෝස්තු 1 වන දින හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර තහවුරු වූ රෝගීන් 1,666 ක් ඇති නිව්යෝර්ක් ප්‍රාන්තය ජූලි 29 වන දින ද එවැනිම නිවේදනයක් නිකුත් කළේය.

මේ වන විට වඳුරු උණ වෛරසයට එරෙහිව එන්නත්කරණය කරගෙන යමින් පැවතිය ද, නිව්යෝක් හා සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි නගරවල ජනතාවට එන්නත් නිසි ලෙස ලබා දීමට අසීරුවීම සම්බන්ධයෙන් මේ වන විට බයිඩන්ගේ පාලනය වෙත දෝෂාරෝපන එල්ලවෙමින් තිබේ. වඳුරු උණ රෝගය සාමාන්‍යයෙන් රටවල් 70කට අධික සංඛ්‍යාවක වාර්තා වී ඇති අතර, ලොව පුරා රෝගීන් 26,000කට වඩා මේ වන විට වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_


සාපලත් දේශයක ජීවිතය සොයන දරුවන්

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

ගිණිගෙන දැවෙන ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට

අලුත් බෝතලයකට පරණ වයින් දැමීම හෙවත් කිෂිදාගේ නව ධනවාදය

ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

හිරෝෂිමාවේ ශෝකාන්තය : න්‍යෂ්ටික බෝම්බ හෙළා අදට වසර 77ක්

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

error: Content is protected !!
error: Content is protected !!