×

කිම් ජොන් උන් හඬා වැටෙයි

උතුරු කොරියාවේ පාලක පක්ෂයේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සති අන්තයේ පැවති උත්සව අතරතුරදී හමුදා පැරේඩයක් ද පැවැත්විණි.


පයොන්ගියැන්ග් අගනුවර පැවති එම හමුදා පැරේඩයේදී හමුදා බලය උත්කර්ෂයට නංවමින් කතා කළ කිම් ජොන් උන් පැහැදිලිවම හැඬුම්බර වී සිටියේය.

කොරෝනා වෛරස් වසංගතයෙන් බැටකන සමයකදී කොමියුනිස්ට් රාජ්‍යය ඉදිරියට පැදවීමට අසමත් වීම වෙනුවෙන් ඔහු සමාව ඉල්ලා සිටියේය.

‘‘අපේ ජනතාව මා ගැන අහස උසට, සාගරය තරම් ගැඹුරට විශ්වාසය තබා තිබෙනවා. නමුත් එ් බලාපොරොත්තු ඉෂ්ට කරන්නට මට හැම විටම හැකි වුණේ නැහැ. … මට ඒකට ඇත්තෙන්ම සමාවෙන්න..‘‘

මෙසේ පවසද්දී උතුරු කොරියානු නායකයාගේ දෑස් කඳුළින් තෙත් වී තිබිණි.

ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින හමුදාවට සිය ප්‍රශංසාව සහ ගෞරවය පුද කළ ඔහු, එහිදී තවදුරටත් මෙසේ ද කීවේය.

‘‘ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසයට සලකන්නට නොහැකි වීම ගැන මට ලැජ්ජයි‘‘

හමුදා සොල්දාදුවන්ට මෙහිදී ඝෝෂා නැගීම සඳහා ඔවුන්ගේ නිල ඇඳුමටම මයික්‍රෆෝන සවි කර තිබිණි.

පෙර ලිපිය –

උතුරු කොරියාව : ලොක්ඩවුන් කළ රටක ඛේදවාචකය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි