×

කොරෝනා අවදානම නිසා එංගලන්ත ක්‍රිකට් පිල ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීම කෙරෙහි එංගලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.


ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා අවදානම හේතුවෙන් මාර්තු 19-31 කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීම කෙරෙහි එංගලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

මෙම ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සතියේ ආරම්භ වීමට නියමිත ව තිබුණේ ගාල්ලෙනි. ඒ සඳහා 3000 කට අධික එංගලන්ත ක්‍රිකට් රසිකයන් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත ව තිබිණි.

ටෙස්ට් තරග 2 කින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය දැනට පවතින තත්වය අනුව බොහෝ විට අවලංගු වීම හෝ කල් දැමීම සිදුවනු ඇත.

මෙම සංචාරය සම්න්ධයෙන් එංගලන්ත ක්‍රිකට් පිල මුල පටන්ම ආරක්ෂක නිර්ණායක යොදා ගෙන තිබිණි.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන් අතට අත දීම සිදු නොකිරීමටත්, මාධ්‍යවලින් මීටර 2 ක් ඈත්ව සිටීමටත් තීරණය වී තිබිණි.

ක්‍රිකට් රසිකයන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී නොසිටීම සහ ඔටෝග්‍රාෆ්ස් අත්සන් නොකිරීම ද ඔවුන් විසින් ගෙන තිබූ පූර්ව ආරක්ෂක නියාමනයන් කිහිපයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි