පැය කිහිපයක් ඇතුළත නව රෝගීන් දහස් ගණනක් වාර්තා වුණු තත්වයක් තුළ පවා ඔවුන් සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙමින් ඒවා සීමා කරති.
ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7000 ඉක්මවද්දී නිව්යෝක් නුවර වැසියන්ට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැර වන සේ ‘විලම්බන කාලයක්‘ (moratorium) පනවා තිබේ.
මුලින් මෙය ‘නිවසින් එළියට බැසීම තහනම්‘ (stay-at-home order) කරන නියෝගයක් ලෙස මුලින් වාර්තා වුවද එය එසේ නොවන බව ද ජාත්‍යන්තර පුවත් සේවා අවධාරණය කරයි.
ඒ අනුව අත්‍යාවශ්‍ය කටයුතු සහ සේවාවන් සඳහා පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට තවදුරටත් අවසර ලැබේ.
මෙය ලංකාවේ මෙන් ‘අද හවස සිට ඇඳිරි නීතිය‘ යැයි ඊයේ උදේ කීවාක් මෙන් උන් හිටි ගමන් පැනවූ නියෝගයක් නොවන අතර, ඔවුන්ගේ වේලාවෙන් අනිද්දා, එනම් ඉරිදා රාත්‍රී 8 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වැනි කටයුතු සඳහා දින 2කට ආසන්න කාලයක් ඔවුන්ට ලබා දී තිබේ.
දියුණු රටක පාලකයන් පුරවැසියන්ගේ යාම්-ඊම් සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශය සීමා කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති ගැන පාඩමක් ද මෙමගින් ලංකාව වැනි රටවලට උගත හැකිය.
මෙය ක්‍රියාත්මක වන්නේ රෝගය ව්‍යාප්ත වීම මර්දනය කරන helpful hints වශයෙන් නොව, නීතිමය අර්ථයෙනි. ‘‘අපිට හැම කෙනෙක්ම ආරක්ෂිත කරන්න ඕනෙ. එහෙම නොවුණොත් කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ..‘‘ යැයි නිව්යෝක් ජනපදයේ අගනුවර සේ සැලකෙන ඇල්බනි හි ප්‍රධානියා පවසයි.
මේ අනුව නිව්යෝක් හි ජනගහනය වන මිලියන 19.5 ක් දෙනාට, එනම් ලක්ෂ 195කට මෙම නව නීතිය බල පැවැත්වෙනු ඇත. කෙසේ නමුත් මෙමගින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අවම වශයෙන් හෝ ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.
ඒ අනුව,
වැනි කටයුතු පවා තහනම් නැත.
එයට හේතුව වී තිබෙන්නේ ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන් විසින් එම කටයුතු ජනතාවට ‘අත්‍යාවශ්‍ය දේවල්‘ සේ සැලකීමයි.
නිව්යෝක් ජනපද ප්‍රධානීන්ගේ අර්ථ දැක්වීමට අනුව ‘අත්‍යාවශ්‍ය ගමන් බිමන්‘ ලෙස සැලකෙන්නේ,
යනාදියයි.
එකිනෙකාගෙන් දුරස්ථව එළිමහන් ක්‍රියාකාරකම් ද මේ කාලය තුළ නිව්යෝක් නුවර තහනම් නැත. ‘ඒ අනුව දිවීම, කඳු නැගීම වැනි තනිව එළිමහනේ කරන ක්‍රීඩාවන්ට කිසිම තහනමක් නැහැ. නමුත් පස්දෙනෙකු සමග එකතු වී පැසිපන්දු ක්‍රීඩාකිරීමට අවසර නැහැ..‘‘ යැයි ද බලධාරීහු කියති. කිසිදු හේතුවක් නිසා නිව්යෝක් නුවර වැසියන්ට පොකුරු පිටින් හමුවීම මේ අනුව තහනම් ය.
අත්‍යාවශ්‍ය සේවාවන් හි නිරතවන්නන් හට යාම් ඊම් තහනමක් මේ කාලය තුළදී බල නොපැවැත්වේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය වෘත්තීන් ඇමරිකාවේ සැලකෙන සෞඛ්‍ය සේවාවන්, සනීපාරක්ෂාව, ආහාර සේවාවන්, නීති සාධන සේවාවන් මෙන්ම ගෑස් පිරවුම්හල් සහ ඇඳුම් ශෝධනාගාරවල සේවකයන්ට මෙම තහනම බල පැවැත්වෙන්නේ නැත.
නිව්යෝක් ජනපදය තුළ සියලු පුද්ගලයන්ට සහ සියලු ව්‍යාපාර සඳහා දින 90 කට මේ නීති බලපැවැත්වේ. එය කඩ කරන්නේ නම් එමගින් ‘‘මහජන සෞඛ්‍යයට ක්ෂණික උවදුරක් සහ දැවැන්ත තර්ජනයක්‘ ඇති කරන සේ සලකා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත. ඒ අනුව මෙම අණ නොතකා පවත්වාගෙන යන ඕනෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දඩ ගැසීම හෝ බලයෙන් වසා දැමීම සිදු වනු ඇත.
නමුත්, එම ව්‍යාපාරවල නියුතු තනි පුද්ගලයන්ට නිව්යෝක් ජනපදය දඩ නොගසනු ඇත.
නිව්යෝක් නුවර පවතින්නේ රටේ විශාලතම සහ පැරණිතම උමං දුම්රිය (MTA) පද්ධතිය යි. ඒවා මේ කාලය තුළ සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන අතර, ලංකාවේ මෙන් ඕනෑම කෙනෙකුට නොමිලේ ඕනෑම තැනක නැගී යා නොහැක. පෙර පරිදිම නිසි පරිදි මුදල් ගෙවා ප්‍රවේශපත් ලබාගෙන ඒවා පරිහරණය කළ හැකිය. නමුත් ඒ, අත්‍යාවශ්‍ය අවස්ථාවන් වල ය. පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කිරීමෙන් හැකි තාක් ජනතාව අධෙර්යමත් කිරීමට නිව්යෝක් ජනපදය කටයුතු කරමින් සිටියි.
මහා මාර්ග, ගෑස් පිරවුම් හල් සහ ඇතැම් මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන සුපුරුදු පරිදිම විවෘත ව තබනු ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැවසුවේ ඇමරිකානු පුරවැසියන් නිවාසවල සිරගත කිරීමට ෆෙඩරල් ආණ්ඩුව සූදානම් නැති බවයි.
මේ අනුව සිය පුරවැසියන්ව අවම පීඩාවකට පත් වන සේ නිරෝධානය හෝ නිවසේ රඳවා ගැනීම හෝ සමාජ හැසිරීම් අවම කරන්නට ඇමරිකාව පියවර ගෙන තිබේ.
‘හරි නම් මේ දවස් දෙකකට දැමූ ඇඳිරි නීතිය සති දෙකක්වත් තියන්න ඕනෙ‘‘ යැයි පාරම්බාන චන්න ජයසුමනලා සිටින, තමන් පාවිච්චි කළ මුහුණු ආවරණයත් ගළවා කිසි ගාණක් නැතිව අනෙක් අය අතට දෙන වජිර අබේවර්ධනලා සිටින, ජනජීවිතයට දෙන අවධානය මොහොතකට හෝ අඩුකර නැහැයි කටින් බතල හිටවන අගමැතිවරුන් සිටින ලංකාවට ඇමරිකාවෙන් මේ මොහොතේ උගත හැකි පාඩම් රාශියකි.
පෙර ලිපි –
දින දෙකකට නෙවෙයි සති දෙකකට ඇඳිරි නීතිය දාන්න ඕනෙ! – චන්න ජයසුමන
ඇඳිරි නීතිය දැමුවේ ‘අමන කාලකණ්නි‘ නිසාද?
වජිරගේ වසංගත දානය – තමන් පාවිච්චි කළ මුඛ ආවරණය ගළවා තව කෙනෙකුට දෙයි
ජන ජීවිතයට දෙන අවධානය මොහොතකට හෝ අඩු කර නැහැ – අගමැති කියයි