×

කොරෝනා වසංගතයට පෙර හා පසු ලෝකය (ඡායාරූප)

පහත දැක්වෙන්නේ ලෝකය කොරෝනා වසංගතය පැමිණීමට පෙර හා පසු ලෝකයේ තත්වය කැමරා කාච ඇසින් පෙනෙන ආකාරයයි.


කොරෝනා වෛරසය නිසා හටගත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝකයේ හැඩතල පෙර නොවූ විරූ ලෙසට වෙනස් වී තිබේ. මේ ජාත්‍යන්තර ජනමාධ්‍යවල නෙත ගැටුණු එවැනි ස්ථාන කිහිපයක් ගැන කාච සටහනකි.

සෞදි අරාබියේ මක්කම ශුද්ධ වූ නගරයේ පිහිටා තිබෙන මහා පල්ලිය දිස්වන්නේ මෙලෙස ය.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ ඕලැන්ඩෝ හි පිහිටා තිබෙන ඩිස්නි සමාගමේ හොලිවුඩ් ස්ටූඩියෝස් හි ‘ටෝයි ස්ටෝරි ලෑන්ඩ්‘. මෙය සුප්‍රසිද්ධ ටෝයි ස්ටෝරි ඇනිමේෂන් කතාමාලාව සිහිගන්වන පසුතලයයි.

මෙහි මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ 2020 මාර්තු 15 වැනි දා වන විට එනම් කොවිඩ්-19 වසංගත තත්වය හිස ඔසවන විට පැවති වාතාවරණයයි.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ එයට දිනකට පසු, එනම් මාර්තු 16 වැනිදා වන විට පැවති තත්වයයි.

ඉරාකයේ නජාෆ් හි අර්බායීන් ශුද්ධ වූ ෂියා මුස්ලිම් දේවස්ථානය (Imam Ali shrine) අසල තත්වය සාමාන්‍ය දිනයකදී නම් දක්නට ලැබෙන්නේ මෙසේ ය.  REUTERS/Alaa Al-Marjani

නමුත් මේ, 2020 මාර්තු 11 දා පැවති තත්වයයි. ඉරාකයේ නජාෆ් ශුද්ධ වූ නගරයට අනේවාසිකයන්ට ඇතුල් වීම බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම මෙයට හේතුව විය. REUTERS/Alaa al-Marjani

ලෙබනනයේ ජනප්‍රිය බීරූට් වෙරළ තීරයේ විවේක සුවය විඳින ජනතාව, 2020 මාර්තු 12 දා. REUTERS/Mohamed Azakir

මාර්තු 15 දා ලෙබනනය විසින් වෛද්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය මිනිස් පුළුටක්වත් නොමැති හිස් බිමක් බවට පත්ව තිබුණේ මෙසේ ය. REUTERS/Mohamed Azakir

ඉරාකයේ එර්බිල් හි පුරාණ නගරයෙ මාර්තු 14 දා තත්වය. බැතිමතුන් සුපුරුදු පරිදි කාර්යබහුල වී… REUTERS/Azad Lashkari

එර්බිල් පුරාණ නගර සීමාවට ඉරාක කුර්දි බලධාරීන් විසින් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු දැකගත හැකි වූයේ මේ බලකොටුව අසල පක්ෂීන් පමණි. REUTERS/Azad Lashkari

ඉරාකයේ නජාෆ් ගුවන්තොටුපොළේ මගීන් මාර්තු 15 වැනිදා මුහුණු වැසුම් පැළඳ සිය ගුවන් යානා පැමිණෙන තෙක් බලා සිටියේ මෙසේ ය. REUTERS/Alaa Al-Marjani

මාර්තු 17 වන දා වන විට මෙම ගුවන් තොටුපොළේ සියලුම ගුවන් ගමන් අත්හිටවනු ලැබිණි. REUTERS/ Alaa Al-Marjani

කොවිඩ් ගෝලීය වසංගතය හොල්මන් කිරීමට මාස ගණනකට පෙර, එනම් 2019 නොවැම්බර් 7 වැනිදා චෙක් සමූහාණ්ඩුවේ ප්‍රාග් අගනුරව චාල්ස් බ්‍රිජ් හි මධ්‍යතන යුගයේ බලකොටු අසල සංචාරකයන් ගැවසෙමින් සිටියේ මෙසේ ය.  REUTERS/David W Cerny

නමුත් චෙක් සමූහාණ්ඩු රජය විසින් සංචරණය සීමා කිරීමෙන් අනතුරුව, පහත දැක්වෙන්නේ මධ්‍යතන යුගයේ මේ පුරාණ බලකොටු, ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිස් පහසෙන් තොර ව පැවති අන්දමයි.  REUTERS/David W Cerny

ඡායාරූප – රොයිටර්ස් – REUTERS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි