×

කොරෝනා වැළඳී සුව වූ අයට නැවතත් කොරෝනා වැළඳිලා!

කොරෝනා (කෝවිඩ්-19) වැළඳී සුව වූ අයට නැවත වරක් එම විෂබීජය ආසාදනය වූ අවස්ථා ගැන මේ වන විට වාර්තා වෙමින් තිබේ.


පසුගිය පෙබරවාරි මාසයේ අග භාගයේ මුල් වරට හෙළි වූ මෙම කාරණයට අනුව චීන ජාතිකයන්ගෙන් 14%ක් නැවත වරක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටියහ. ඒ අනුව ඔවුන්ව නැවත වරක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීම සිදු කෙරිණි.

මේ තත්වය චීනයේ පමණක් පවතින දෙයක් නොවේ. ජපානයේ වයස අවුරුදු 40 ට වැඩි-රෝගයට ගොදුරු වී සුව වූ අය කිහිප දෙනෙකු ද මේ තත්වයට ලක්ව සිටිති. මෙයට දින කිහිපයකට පෙර දැනගන්නට ලැබුණේ ජපානයේ වියපත් පිරිමි රෝගීන් කිහිප දෙනෙකු ද නැවත වරක් රෝගයට ගොදුරු වී සිටින බවයි.

මේ අනුව චීනයේ සහ ජපානයේ යන දෙරටේම සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ තමන් තවමත් මෙම වෛරසය පිළිබඳ අධ්‍යයනය කරමින්-ඉගෙන ගනිමින් සිටින බවයි.

මේ අනුව රෝගය වැළඳී සුව වූවත්, එය නැවත වැළඳීම සඳහා සෑහෙන අවදානමක් ඇති බව එයින් පෙන්වා දෙයි. එය ප්‍රතිශතයක් ලෙස කොපමණ අවදානමක්දැයි තවම හෙළි වී නොමැත.

The Centres for Disease Control and Prevention (CDC) මෙසේ පවසයි: “Covid-19 වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන අප තවමත් සියයට සීයක්ම අවබෝධ කර ගෙන නැහැ. එය අප විසින් කළ යුතුව තිබෙන දෙයක්. මර්ස් Mers-CoV ආසාදනයට ලක්වූ රෝගීන් අප දන්නා ඉතිහාසය තුළ නැවත වරක් ආසාදනයට ලක් වුණේ නැහැ. නමුත් මේ ගෝලීය වසංගතය ක්‍රියාත්මක වන රටාව වෙනස්..‘‘

මේ අනුව කෝවිඩ්-19 පොසිටිව් වී, නෙගටිව් වී, නැවත පොසිටිව් වීමට ඉඩ ඇති හෙයින් සුවපත් වන රෝගීන් පවා සෑහෙන කාලයක් වන තෙක් නිරන්තර අවධානයෙන් සහ සුදුසු නිරෝධායනය ක්‍රම අනුගමනය කරමින් සිටිය යුතු බව ඔවුහු අවධාරණය කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි