BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කොවිඩ් ලොක්ඩවුන් මැද නොවැම්බර් ඡන්දයේදී සුළුතර ඡන්දවල ඉරණම – ජිනීවා සැසියේදී දිගහැරුණු මියැන්මාර උදාහරණය

මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබනේනේ මියැන්මාරයේ අරගලය, කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් තත්වය මැද මැතිවරණ ක්‍රියාදාමය තුළ මියැන්මාර පුරවැසියන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති ආකාරයයි.

දස දහස් ගණනක් වූ මියැන්මාර සුළුතර වැසියන් සිය ඡන්ද අයිතිය අහිමි වී සිටියදී, අන්තර්ජාල පහසුකම් සීමාකරණයන් සහ කොරෝනා වෛරස් ලොක්ඩවුන්කිරීම් මැද තොරතුරු දැනගැනීමේ අයිතිය ද අහිමි වෙමින් තිබේ. 2020 නොවැම්බර් මහමැතිවරණයේ අවංකභාවය ගැන මේ අනුව ප්‍රශ්න මතුවන බව පැවසුණේ ඊයේ දිනයේ එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේදී ය.

අන්තර්ජාතික නීති විද්වතුන්ගේ කොමිසම (International Commission of Jurists (ICJ)) මෙහිදී මියැන්මාරය සඳහා පත් කර සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරුගෙන් ඉල්ලා සිටියේ මැතිවරණයේ සමෝධානිත බව ආරක්ෂා කරන ලෙසත්, ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වලට ගරු කරන ලෙසත් ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත නම් කළ මානව හිමිකම් විමර්ශකයා වූ තෝමස් ඇන්ඩෘෘස් මෙහිදී පැවසුවේ රොහින්ග්යා මුස්ලිම්වරුන් දහස් ගණනක් සිය නිවාසවලින් හෝ පදිංචි ස්ථානවලින් පළා ගොස් තිබූ වාතාවරණයක් තුළ මියැන්මාරයේ මහමැතිවරණය අන්තර්ජාතික ප්‍රමිතීන් සපුරාලීමට අසමත් ව තිබූ බවයි.

රොහින්ග්යා මුස්ලිම්වරුන් පමණක් නොවේ

රොහින්ග්යා මුස්ලිම්වරුන් පමණක් නොව අනෙකුත් වාර්ගික සුළුතරයන්ට අයත් දහස් ගණනකට ද මියැන්මාර හමුදාව සහ කැරළිකාර කණ්ඩායම් අතර ඇති වූ සන්නද්ධ අරගලය හේතුවෙන් සිය රට තුළම අවතැන් තත්වයට පත් ව ඇති බවත් එහිදී පෙන්වා දෙනු ලැබිණි. චින් සහ රඛීන් ප්‍රාන්තවල ඇති වූ තත්වයන් ඒ අතරින් ප්‍රධාන වේ.

මේ අනුව මියැන්මාරයේ මැතිවරණ කොමිසමෙන් ඔවුන් ඉල්ලා සිටියේ තනි තනි පුද්ගලයන් වශයෙන් ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමේදී සෞඛ්‍ය තත්වය අවදානමට ලක් නොකර එය සිදුකරන ආකාරය පිළිබඳව ද ‘යෝග්‍ය විකල්පයන්‘ හඳුනාගන්නා ලෙස ය.

මියැන්මාරයේ කොවිඩ් තත්වය

මේ සතියේ පටන් යැන්ගොන් අගනුවර ‘ස්ටේ හෝම්‘ හෙවත් ගෙදර සිටිය යුතුය‘ යන නියෝගය පනවා තිබේ. මේ සතියේ බදාදා දිනය තුළ නව රෝගීන් 334 ක් හඳුනාගනු ලැබිණි. ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 7,292 කි. පුද්ගලයන් 130 දෙනෙක් මේ වන විට රෝගය හේතුවෙන් මිය ගොස් තිබේ.

‘‘ගෙදර සිටින ලෙස නියම කිරීමත් සමග ඡන්ද දායකයන් සහ ඡන්ද අපේක්ෂකයන්ට සමාජ මාධ්‍ය මගින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරිමට සිදුවෙනවා.‘‘ යැයි ද එම ප්‍රකාශයේ සඳහන් වේ. නමුත් අන්තර්ජාල පහසුකම් සීමාකිරීමත් සමග ඒ සඳහා ඔවුන්ට පැවති අයිතිය ද නිෂේදනයට ලක් වී තිබේ.

‘තැනැත්තෙකුගේ ජාතිය, වාර්ගිකත්වය හෝ ආගම මත ඡන්ද අයිතිය ප්‍රතික්ෂේප වන විට මැතිවරණයක ප්‍රතිඵල වලින් ජනතා කැමැත්ත නිවැරදිව පිළිඹිබු කළ නොහැකියි.‘

යැයිද ජිනීවා කොමිසමේදී ප්‍රකාශ විණි.

‘‘ඒ වගේම ආණ්ඩුව  සිය දහස් ගණනක් වූ රඛීන් ප්‍රාන්තයේ රොහින්ග්යා ජනතාව හෝ බංග්ලාදේශයේ රොහින්ග්යා සරණාගත කඳවුරුවල සිටිනවුන්ගේ ඡන්ද අයිතිය සපයා දෙන්නට සූදානම් බවට සාක්ෂියක් නැහැ..‘‘ යැයි ද එහිදී ප්‍රකාශ විණි.

2017 වසරේදී මියැන්මාර හමුදාවේ මූලිකත්වයෙන් සිදුවූ සංහාරයේදී හත්ලක්ෂ තිස් දහසකට (730,000) අධික රොහින්ග්යා මුස්ලිම්වරු පිරිසක් බංග්ලාදේශයට පළා ගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මෙය වර්ග සංහාරයක් සිදුකිරීමේ අරමුණ නිසා හටගත් සිද්ධියක් බවයි.

මියැන්මාර ආණ්ඩුව මේ බව ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් නැවත නැවතත් කියන්නේ පොලිස් මුරපොළවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මෙය සිදුවූ බවයි.

2017 වසරේදී රොහින්ග්යා සරණාගතයන් ජීවිතාශාව අතහැර සංහාරයට බියෙන් පළාගිය ආකාරය

සිය දහස් ගණනක් රොහින්ග්යා වැසියන් තවමත් රඛීන් ප්‍රාන්තයේ සිටින අතර, ඔවුන්ගෙන් බහුතරය ජීවත් වන්නේ කඳවුරු වල සහ ගම්මානවල සරණාගතයන් ලෙස ය.

මේ අය සම්බන්ධයෙන් 1982 පුරවැසි නීතිය (1982 Citizenship Law) සංශෝධනය කරන ලෙස ICJ මියැන්මාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

දෙමාපියන් පුරවැසියන් නොවීම නිසා ප්‍රතික්ෂේප වූ රොහින්ග්යා අපේක්ෂකයෝ

මෙවර අවම වශයෙන් රොහින්ග්යා සම්භවයක් සහිත අපේක්ෂයන් 12 දෙනෙක් පමණ මැතිවරණයට ඉදිරිපත් වූහ. එයින් 6 දෙනෙකුගේ පමණ අපේක්ෂකත්වයන් ප්‍රතික්ෂේප විය. බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් ඉපදෙන සමය වන විට ඔවුන්ගේ දෙමාපියන් මියැන්මාර පුරවැසියන් බව ඔප්පු කිරීමට ඔවුන් අසමත් වූ බවයි. එය, දැනට පවතින මැතිවරණ නීතිය යටතේ අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

මියැන්මාර නීතිය මගින් ‘රොහින්ග්යා හෝ සෙසු ප්‍රජාවන් සිය රට තුළ වෙසෙන ආදිවාසික වාර්ගික කණ්ඩායම් ලෙස පිළිගන්නේ නැත.

ඒ වෙනුවට රොහින්ග්යානුවන් බංග්ලාදේශයට අයත් අය සේ සැලකෙන්නේ රඛීන් වැනි ප්‍රාන්තවල ඔවුන්ගේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති බව සම්පූර්ණයෙන්ම නොසලකා හරිමිනි.

මියැන්මාරය තුළ බලයට පත් වූ හමුදා ආණ්ඩු විසින් දිගින් දිගටම රොහින්ග්යා ඇතුළු සුළුතර වාර්ගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළේ, අනන්‍යතා ලේඛන (හැඳුනුම්පත් ඇතුළුව) සාදා ගැනීමට ඔවුන්ට ඉඩ ලබානොදෙමිනි. ඒ අනුව අති බහුතරයක් සුළුතර වැසියන්ට සිය සම්භවය තහවුුරු කිරීමට ලිපි ලේඛන කිසිවක් නැත.

SOURCE : AL JAZEERA, NEWS AGENCIES
ප්‍රධාන ඡායාරූපය – මියැන්මාර හමුදාව හා සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිවූ අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දහස් ගණන් දෙනාට සිය නිවෙස්වලින් පළා යන්නට සිදුවිය.  [File: Nyunt Win/EPA]

බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

රාමසානයට ලහිලහියේ සූදානම් වන පකිස්තාන සන්නාලියා

සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කළා ද? දේශසීමා බිඳගෙන යන පොලිස් සාපය

මියැන්මාරයේ තවත් සිවිල් වැසියන් 80 ක් හමුදා වෙඩි තැබීමෙන් මරුට

පිලිප් කුමරු : පිටුවහලෙක්, අවුරුදු 99 ක්, රටවල් 143 ක් සහ එක ප්‍රසිද්ධ බිරිඳක්!

ටයිගර් වුඩ්ස් තිරිංගය වෙනුවට ඇක්සලරේටරය පාගලා – 45 වෙනුවට 87ට ගිහින්!

error: Content is protected !!
error: Content is protected !!