කොවිඩ් විසින් වෙළාගත් ලෝකය කැමරා ඇසින් (ලොව වටා ඡායාරූප එකතුව)
කොවිඩ් හේතුවෙන් අඩපණ වූ ලෝකය නැවත අසීරුවෙන් නැගිට ගනිද්දී මිහිමත ලොකුම මල, මහා දුර්ගන්ධයක් ද සමගින් පිපුණේය.

මෙම ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ චීනයේ කොරෝනා ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවූ හියුබෙයි පළාතේ රෝහල්වල හෙදියන් හදවතක හැඩයට රැස් වී, හියුබෙයි හි ටොන්ග්ජි රෝහලේ සේවයට වාර්තා කිරීමට පෙර වෘත්තීය දිවුරුමක් ලබාදුන් ආකාරයයි.
Image copyright – EPAImage
අන්තර්ජාතික හෙද දිනය (මැයි 12) දා රෝමය
කොවිඩ් වසංගතයෙන් බැට කෑ ඉතාලිය, සිය කලාකාමී ප්‍රභාව කිසි විටෙක අතහැර ගත්තේ නැත. මේ, මැයි 12 දාට යෙදී තිබූ අන්තර්ජාතික හෙද දිනය වෙනුවෙන් වයලීන වාද්‍ය ශිල්පිනී ෆියාමා ෆ්ලැවියා විසින් තෝර් වර්ගෙටා රෝහලේ කාංසාව මුසු වා තලය, මියුරු වයලින් වාදනයකින් පුරවා දැමූ ආකාරයයි.

විදුලි සෝපානය එන තෙක්
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ විදුලි සෝපාව එනතෙක් බලා සිටින, සමාජ දුරස්ථකරණ රීති පිළිපදින ශ්‍රී ලාංකිකයෝ. මෙය රොයිටර්ස් පුවත් සේවයේ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී දිනුක ලියනවත්ත විසින් ගනු ලැබූ ඡායාරූපයකි.

එක තැන රේස් පැදීම
Formula 3 මෝටර් රථ ධාවන ශූරී සොෆියා ෆ්ලොෂ් සිය නිවසේ සිට සිමියුලේටරයක් භාවිතා කරමින් පුහුණු සැසිවල යෙදී සිටින අයුරු. ඇය ජීවත් වන්නේ ජර්මනියේ මියුනික් නුවර ය.

උමං දුම්රියේ මුහුණු වැසුම්
මේ, කොවිඩ් වසංගතය පැමිණීමෙන් අනතුරුව ලන්ඩන් නුවර උමං දුම්රියක සාමාන්‍ය දසුනයි. එක්සත් රාජධානි ආණ්ඩුව ලොක්ඩවුන් තත්වය අවසන් කිරීමෙන් පසුව ජන ජීවිතය සෙමෙන් නමුත් යථා තත්වයට පත් වෙමින් තිබේ. ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය පවසා තිබෙන්නේ මේ වසරේදී වසංගතය හේතුවෙන් පවුම් බිලියන 4 ක පාඩුවක් අපේක්ෂිත බව ය.

මෝ ෆාරා මුවන් සමග දුවයි
ඔලිම්පික් සහ ලෝක දිගුදුර ධාවන ශූර මෝ ෆාරා ලන්ඩනයේ රිච්මන්ඩ් උද්‍යානයේ සිය පුහුණුවීම් කටයුතුවල යෙදී සිටියේ මෙසේ ය.

බැසිලිකාව විෂබීජ හරණය කරයි
මේ, රෝමයේ බැසිලිකා ඩි සැන්ට මරියා, කොරෝනා වෛරසයෙන් තොර කිරීම සඳහා විෂබීජ හරණයට ලක් කළ ආකාරයයි. ඉතාලියේ දෙව්මැදුරු මැයි 18 වැනිදා පටන් නැවත විවෘත ය. නමුත් බැතිමතුන් සඳහා දැඩි නියාමනයන් පනවා තිබේ.

පිලිපීනයට දෙදරන දඟර සුළං
මැයි 14 වැනිදා පිලිපීනයට වොන්ග්ෆොන්ග් ටයිෆූනය හමා ආවේය. මේ, සුළි සුළඟට ගොදුරු වූ නැගෙනහිර සමාර් පළාතයි. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මිනිසුන් දස දහස් ගණනක් මේ ස්වභාවික විපත හේතුවෙන් හදිසියේම ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සිදු විය.

ඉන්දියාවේ ජංගම දුරකථන නිපැයුම් සමාගම්
මේ, ඉන්දියාවේ නොයිදා හි ලොක්ඩවුන් සීමාවන් ලිහිල් කළ පසු ජංගම දුරකථන කර්මාන්ත ශාලාවක සේවකයන් ලහි ලහියේ වැඩ කරමින් සිටි ආකාරයයි.

වසංගතය අස්සේ පිපුණු – මිහිමත ලොකුම මල
මේ අතරේ, මිහිමත ලොකුම මල, බෙල්ජියමේ මෙයිස් හි උද්‍යානයක පිපී තිබුණේ මෙසේ ය. ටයිටන් ආරුම් (titan arum) වර්ගයේ මේ පුෂ්පය, එහි දැවැන්ත දුර්ගන්ධය නිසා ද ප්‍රකට ය. කිඩාරම් මල් කිහිපයක දුර්ගන්ධය මෙමගින් නිකුත් වන බව කියැවේ. මීටර 3 ක් පමණ උසට මේ මල වැඩේ. මෙසේ පිපෙන්නට නම් මේ මල, වසර ගණනාවක් තිස්සේ පූදිය යුතුය.
