විද්‍යාඥයන්ට අනුව පසුගිය වසර හතර තුළ ෆ්ලොරිඩා වෙරළ තීරයේ උපත ලැබූ සෑම මුහුදු කැස්බෑවෙක්ම පාහේ ගැහැණු සතුන් බව වාර්තා වේ.
ජාතික සාගර සේවයට අනුව, කැස්බෑ බිත්තර 27C (82F) ට වඩා අඩු නම්, කැස්බෑ පැටවුන් පිරිමි බවට පත්වන බව සඳහන් වේ. බිත්තර 31C (89F) ට වඩා වැඩි නම්, පැටවුන් ගැහැණු වනු ඇත. අන්ත දෙක අතර චංචල වන උෂ්ණත්වය මත පිරිමි සහ ගැහැණු කැස්බෑ පැටවුන්ගේ මිශ්‍රණයක් ඇති කරයි. ඒ අනුව පවතින දේශගුණික අර්බුදය හේතුවෙන් ඇතිවන දැඩි තාප තරංගවල ප්‍රතිඵලයක් ලෙස වෙරළ තීරයන්හි වැලි සැලකිය යුතු ලෙස උණුසුම් වීම හේතුවෙන් මෙලෙස ගැහැණු සතුන්ගේ වර්ධනයක් ඇතිව ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබේ.
මියාමි සත්වෝද්‍යානයේ මෑතකදී විවෘත කරන ලද මුහුදු කැස්බෑ රෝහලේ මුහුදු කැස්බෑ පාලකවරියකට අනුව ජානමය විවිධත්වය නොමැති වීම හේතුවෙන් කැස්බෑ ජනගහනයේ තියුනු පහත වැටීමක් අපේක්ෂා කරන බව රොයිටර් සඳහන් කරයි.
වැඩිවන ගැහැණු කැස්බෑ සංඛ්‍යාවට මුහුණ දීමේ තත්වයට අමතරව, ඇස් සහ මුඛය ඇතුළු සිරුර ඉදිමීමේ මාරාන්තික රෝගයක් වන ෆයිබ්රොපපිලෝමාටෝසිස් හා ඉන්කියුබේෂන් තත්වයන් සතුන් අතර වර්ධනය වීමක් දක්නට ලැබෙන බව මියාමි මුහුදු කැස්බෑ රෝහල විසින් නිවේදනය කර තිබේ.
සශිකලා මධුෂාණී_