BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට රිච්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ ප්‍රදේශයට අද (19)දින දේශීය වේලාවෙන් සවස 3ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා විය. ඒ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. ජපානයේ කාලගුණ ඒජන්සිය විසින් භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ඈතින් වාර්තා වූ බව නිවේදනය කර ඇත. මෙම භූ කම්පනයේ තීව්‍රතාවය විවිධ නගර වලට බලපා ඇත්තේ විවිධ අගයන්ගෙනී. විපතට […]

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ ප්‍රදේශයට අද (19)දින දේශීය වේලාවෙන් සවස 3ට පමණ රිච්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා විය. ඒ නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.
ජපානයේ කාලගුණ ඒජන්සිය විසින් භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ඈතින් වාර්තා වූ බව නිවේදනය කර ඇත. මෙම භූ කම්පනයේ තීව්‍රතාවය විවිධ නගර වලට බලපා ඇත්තේ විවිධ අගයන්ගෙනී.
විපතට පත් වූවන්ට සහන සැලසීමට රජය විසින් කාර්ය සාධන බලකායක් පිහිටුවා ඇත. එමඟින් හානියේ ප්‍රමාණය වහා තක්සේරු කිරීමටත්, මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීමටත්, ආපදාවලට එරෙහිව හදිසි පියවර ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙසත් අගමැති ෆුමියෝ කිෂිඩා උපදෙස් ලබා දී ඇති බව නිවේදනය කර තිබේ.
සිදුවූ භු කම්පනයෙන් විශාල හානියක් මෙතෙක් වාර්තා වී නොමැති අතර ෂිකා න්‍යෂ්ටික බලාගාරය හා ඒ අවට කිසිදු හානියක් වූ බවට වාර්තා නොවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_


කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

රුසියාවේ පාසලක වෙඩිතැබීමකින් 13දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු තුවාල ලබයි.

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

හිජාබයෙන් අවධි වුණු ඉරාණයේ රණ හඬ

error: Content is protected !!
error: Content is protected !!