×

ජපානයේ මීළඟ අගමැති – යොෂිහිදේ සුගා නොහොත් ‘ස්ට්‍රෝබෙරි පුතා‘

ජපානයේ දීර්ඝ කාලයක් ධුරයේ සිටි නායකයා වූ ෂින්සො ඒබේ පසුගිය මාසයේදී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග සඳුදා පැවති පක්ෂ රැස්වීමේදී ඔහු ලෙහෙසියෙන්ම නායකත්වයට පත් විය. එහි අර්ථය, ඔහු මීළඟ ජපන් අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බවයි.


කන්සවේටිව් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය 5/7 ක් ලෙස තීරණය කර ඇත්තේ තමන්ගේ මීළඟ නායකයා ඔහු බව ය.

ප්‍රධාන කැබිනට් ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටින සහ මීළඟ අගමැති අපේක්ෂාව බවට පත්ව ඇති මේ යොෂිහිදේ සුගා කවුද?

ෂින්සො ඒබේ සමග

ඒබේ හෝ වෙනත් ජපන් දේශපාලන නායකයන් මෙන් යොෂිහිදේ සුගා දේශපාලන පෙළපතකින් පැවතගෙන එන්නෙක් නොවේ. ඔහු, උතුරුදිග අකිතෝවේ ස්ට්‍රෝබෙරි වැවිලිකරුවෙකුගේ වැඩිමල් පුත්‍රයා ය.

පිය ඇවෑමෙන් එම ව්‍යාපාරය භාරගනු වෙනුවට සුගා තරුණ වියේදී තෝකියෝව බලා එයි. හෝසෙයි සරසවියේ ඉගෙන ගෙන, කාබ්බෝඩ් ෆැක්ටරියක රස්සාව කරයි. වරක් ආරක්ෂක භටයෙක් සේ ද රැකියාව කරයි.

1960 භාගයේදී සුගා රැඩිකල් ශිෂ්‍ය ව්‍යාපාරය සමග සම්බන්ධ වන්නේ උපාධිධාරියෙකු ලෙස ය. ඉන්පසු ඔහු එහි ලේකම්වරයා බවට පත් වෙයි. 1987 වසරේදී ඔහු යොකොහමා වරයා නගරයේ ජනතා නියෝජිතයෙකු ලෙස තේරී පත් වෙයි. ඒ අනුව පටන් ගැනෙන්නේ සුගා ගේ මුල් පෙළේ දේශපාලන ගමනයි.

ෂින්සො ඒබේ මෙන්ම මත්පැන් බිඳක්වත් නොබොන සුගා, දැඩි සේ කැප වී වැඩ කරන අයෙක් ලෙස සැමදා ප්‍රකට ය. අවිවාහකයෙකු වන ඔහු වැඩි වශයෙන් ජීවත් වන්නේ රජයේ නිදන ශාලාවන් වල ය.

සෑම දිනකම අළුයම 5 ට අවදි වන ඔහු, ඉන්පසු sit-ups ව්‍යායාම 100 ක නිරත වෙයි.

අංකල් රෙයිවා (Uncle Reiwa)

2019 මුල් භාගයේ දී යොෂිහිදේ සුගා ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැව්වේ ජපානයේ බලය, අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් සිය පුතු වූ නරුහිතෝ අධිරාජ්‍යයාට සංක්‍රමණය කිරීමේ අවස්ථාවේදී ය. එම නව අධිරාජ්‍ය යුගයේ නම හෙළිදරව් කිරීමේ වගකීම පැවරුණේ සුගාට ය. නව යුගයේ නම ‘රෙයිවා‘ වූ අතර, ඔහු එම නම නිරාවරණය කරන ආකාරය සහිත පහත ඡායාරූපය ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් පළ කළේ ‘අංකල් රෙයිවා‘ යනුවෙන් ඔහුව හඳුන්වමිනි.

ඉතා අඩුවෙන් සිනාසෙන්නා

යොෂිහිදේ සුගා සිනාසෙන්නේ ඉතා අඩුවෙනි. සිය නායකයා වූ ෂින්සො ඒබේ විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්තිය හෙවත් ‘ඒබෙනොමිකිස්‘ ඒ අන්දමින්ම පවත්වාගෙන යාමට ඔහු කටයුතු කරනු ඇත. ජපානය තවමත් වෙහෙස වී වැඩ කරන මිනිසුන්ගෙන් හෙබි දේශයකි. විපක්ෂයේ සිටියදී අතිශය ක්‍රියාශීලී ව සිට, බලය ලැබුණු විට කම්මැලියන් සේ නිදිකිරන දේශපාලකයන් ජපානයේ විරල ය. එනිසා වසර 2021 දී මහමැතිවරණය පවත්වන තෙත් ජපානයේ නායකත්වය, අන්තර්වාර ආණ්ඩුවේ නායකයා ලෙස ඔහු විසින් සාර්ථකව මෙහෙයවනු ඇතැයි විචාරකයෝ කියති. කෙසේ නමුත් ඔහු වැඩිපුර සිනාසෙන එකක් නැත. ඒ වෙනුවට තවදුරටත් කල්පනාභරිතව වැඩ කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි