මෙලනි පැනයියෝටු (Melanie Panayiotou)ගේ මේ මරණය, ජාත්‍යන්තර පුවත් සේවාවන් හි පළ වන්නේ දින කිහිපයක ප්‍රමාදයකින් පසු අද (27) දින ය.
2016 නත්තල් දින, ලෝකයේ එදා මෙදාතුර වැඩිම ඉල්ලුමක් සහිත ගායකයෙකු ලෙස සැලකෙන ජෝර්ජ් මයිකල්ගේ පණසුන් සිරුර හමුවන්නේ ඔක්ස්ෆර්ඩ්ෂයරයේ ගෝරින්-ඔන්-තේම්ස් හි පිහිටා තිබූ ඔහුගේ නිවසේදී ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 53 ක් විය. මෙවර, ඔහුගේ සොයුරියගේ පණසුන් සිරුර හමුවන්නේ වයඹදිග ලන්ඩනයේ හැම්ස්ටඩ් හි පිහිටා තිබූ ඇගේ නිවසෙනි. මිය යන විට ඇගේ වයස අවුරුදු 55 ක් විය. මේ දෙදෙනාම මිය යන්නේ ස්වභාවික හේතු මත, සිය ජීවිතයේ පස්වන දශකය මැදදී, සිය නිවසේදී සාමකාමී ලෙස ය.
1980 දශකයේ මුල භාගයේ ජෝර්ජ් මයිකල් සිය සොයුරිය සමග. ජෝර්ජ් මයිකල්ට අනෙක් පසින් සිටින්නේ එවකට ඔහුගේ සහකරු ඇන්ඩෘ රිඩ්ලි ය. Sky News
වෘත්තියෙන් කොණ්ඩා සැකසුම් ශිල්පිනියක වූ මෙලනි, ජෝර්ජ් මයිකල් ගේ ජීවිතයට අතිශය සමීප අයෙකි. ඇය, වසරකින් වැඩිමල් සිය සොයුරා, සංගීතයෙන් ලෝක පූජිත වන විට ලොව පුරා ඔහු ප්‍රසංගවලදී ඔහු සමග දැකගත හැකි විය. සමරිසියෙකු වීම නිසා පෞද්ගලික ජීවිතයේ හැල හැප්පීම්වලට ඔහු මුහුණ දෙන විටද ඇය නොසැළී ඔහු අසලම වූවාය.
Sky News
ජේසු උපන් නත්තල් දා ස්වර්ගයේදී ඔවුන් නැවතත් මුණ ගැසෙන්නට ඇත. එදා මේ අයිය-නගෝ අතර තිබූ වසරක වයස් පරතරය පවා දැන් පියැවී තිබේ! දැන් ඇයට නැවතත් මේ නොසැලකිලිමත් කොඳුරන්නාගේ වශීකෘත ගීවලට සවන් දීමට පුළුවන!
[embedyt] https://www.youtube.com/watch?v=QwMK8JVWkBE[/embedyt]