×

ට්‍රම්ප්ගේ මුරණ්ඩුකම : චීන කොන්සාල් කාර්යාලයක් වසා දැමිමට නියෝග

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට ඇමරිකාව නියෝග කර තිබේ. 


 

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට ඇමරිකාව නියෝග කර තිබේ.

එවැනි තීරණයක් ගෙන ඇත්තේ සිය පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම හා සිය බුද්ධිමය දේපළ ආරක්ෂා කරගැනීමට බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් චීන පාලනය මෙය දක්වන්නේ දේශපාලන කුපිත කිරීමක් ලෙසය. මෙමඟින් තවදුරටත් දෙපාර්ශවය අතර පවතින නොහොද නෝක්කාඩු තවදුරටත් උත්සන්න වන බවද චීනය පෙන්වාදෙයි.

ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය වොෂිංටන් හි පිහිටා තිබෙන අතර චීන කොන්සියුලර් කාර්යාල 5ක් ඇමෙරිකාවේ ස්‌ථාපිත කර තිබේ. එහෙත් එක් කාර්යාලයක් පමණක් මෙලෙස වස දැමීමට තීරණය කිරීම ප්‍රශ්න සහගත වන බවත් ඉදිරියේදී තව කුමනාකාර තීන්දුවලට  ඇමරිකානු පාලනය එළඹෙනු ඇත්දැයි යන්න පිළිබඳව දැන් ප්‍රශ්න මතුවෙමින් තිබෙන බවයි විදෙස් වාර්තා කියාසිටින්නේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි