BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ට්‍රම්ප් අතුරුදහන්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගතවූ සතිය මුළුල්ලේම අතුරුදහන් වූ ගතියක් පෙනෙන්නට තිබිණි.

අද දිනයේ අවසානයේ ඔහු දක්නට ලැබුණේ ද අහම්බෙනි. ඔහුගේ නිල රාජකාරි ලැයිස්තුවේ රියාද් සමුළුවක් ගැන සඳහන් වුණේ ද අන්තිම මොහොතේ ය.

ට්‍රම්ප් මේ කරන්නේ කුමක්ද? BBC පුවත් සේවයේ ධවල මන්දිරය ආවරණය කරන මාධ්‍ය වේදිනී ටාරා මැක්කෙල්වි මෙසේ කියයි.

‘‘ජනපතිවරයා මෙතරම් නිහඬ ඇයි? ඔහු අවධානය ලබාගැනීමට ප්‍රිය කරන්නෙකි. මේ මුළු මාසයටම ඔහු ධවල මන්දිරයේ සිටියේ දින 14 ක් පමණකි. සිය ධුර කාලයේ අවසන් සති කිහිපය ඔහු ගත කරන්නේ එසේ ය.‘‘

ඇතැම් විට ධවල මන්දිරයේ මුරට යොදවා තිබෙන මැරීන් භටයෙකු සුදු පාට අත් වැසුම් සහ අඳුරු පාට මුහුණු වැසුමක් පැළඳ සිටින ආකාරය පෙනෙයි. එසේ වන්නේ ට්‍රම්ප් ඕවල් කාර්යාලයේ රාජකාරියක නිරත වී සිටින්නේ නම් ය. නමුත් පෙනෙන හැටියට ට්‍රම්ප් කරන රාජකාරියක් නැත.

ධුරයේ අවසාන සති කිහිපය ගත කළ ඇමරිකානු ජනපතිවරුන් අතරින් ට්‍රම්ප් 45 වැනියා ය. නමුත් ඒ කිසිම කෙනෙක් මේ අන්දමින් හැසිරී නැත. ඒ සෙසු සියලු දෙනා දෙවන ධුර කාල දිනානොගත්තේ නම්, මේ අවසන් සති කිහිපය ගත කළේ බල සංක්‍රමණය සඳහා ධවල මන්දිර පරිපාලනයට සහයෝගය ලබාදීම සඳහා ය.

වෙනකක් තබා මෙයට හරියටම අවුරුදු 4 කට පෙර, ජනපතිවරණය දිනා සිටි ට්‍රම්ප් සිටියේ ඕවල් කාර්යාලයේ ඔබාමා සමග ය. බරාක් ඔබාමා ඔහුට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටියේය. නමුත් ඔහු ඒ යුතුකම බයිඩන් වෙනුවෙන් ඉටු කරන්නට තවමත් සූදානම් නැත.

ධුර කාලය අවසන් කිරීමට සිටින ඇමරිකානු ජනපතිවරයෙකු වශයෙන් ට්‍රම්ප් නොවැම්බර් පළමු සහ දෙවැනි සතිය ගත කළ හැටි දැන ගැනීමට පහත ට්විටර් සටහන දෙස බැලීම සෑහෙයි.


මේ ට්‍රම්ප්ගේ දින චරියාවයි. එහි වැඩි වශයෙන්ම සටහන් ව තිබෙන්නේ ‘කිසිදු මහජන කාර්යක් නැත‘‘ යන අදහසයි. මෙය ට්වීට් කරන මයිකල් ඩී. ෂියර් වසර 12 ක් තිස්සේ ධවල මන්දිරය ආවරණය කරන මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අතර, මයිකල් කියන්නේ ධවල මන්දිරයේ නිවාඩු දිනවලදී හැර කිසිම කාලයක මෙවැනි කාර්යාල කාර්ය සටහනක් තමන් දැක නැති බවයි.

එසේ නම් මේ දිනවල ට්‍රම්ප් කරමින් සිටින්නේ මොනවාද?

නොවැම්බර් 21 දිනයේ ද ට්‍රම්ප් සිටියේ ගොල්ෆ් ගසමිනි. වර්ජිනියාවේ ස්ටර්ලිං හි තිබෙන ‘ට්‍රම්ප් ජාතික ගොල්ෆ් සමාජ පිටියේ‘ දී ඔහු ඡායාරූප ගත වී තිබුණේ මේ අන්දමිනි.

President Donald Trump plays golf at Trump National Golf Club in Sterling, Va., Saturday, Nov. 21, 2020. (AP Photo/Manuel Balce Ceneta)

G20 වර්චුවල් සමුළුව

බොහෝ විචාරකයන්ට අනුව අද දිනයේ සෞදි අරාබියේ සත්කාරකත්වය යටතේ පැවැත්වූ G20 වර්චුවල් සමුළුවේ අවසන් දිනයේදී ඔහු දැක්වූ සහභාගිත්වය, ගෝලීය වේදිකාවේ ද ඔහුව දැකගත හැකි වන අවසන් අවස්ථාව වනු ඇත.

එහිදී අද දිනයේ පැහැදිලිවම පෙනෙන්නට තිබුණේ ට්‍රම්ප් සෙසු නායකයන්ගෙන් කොකරම් දුරස්ථ ද යන්නයි. රියාද් සමුළුවේ අවසන් දිනය පරිසරය රැක ගැනීම වෙනුවෙන් වෙන් වද්දී ට්‍රම්ප් කතා කළේ පැරිස් සම්මුතියෙන් ඉවත් වීමේ අගය පිළිබඳව ය..! එහිදී 2015 පැරිස් සම්මුතිය ‘එක පැත්තකට බර එකක්‘ බව කියන ට්‍රම්ප්, එය සාදා තිබෙන්නේම ඇමරිකානු ආර්ථිකය නටඹුන් කිරීමට යැයි කියා සිටියේය. පසුව හෙළි වූ පරිදි මෙම කතාව, ධවල මන්දිරයේදී ඔහු විසින් කලින් පටිගත කළ එකකි.

European Council President Charles Michel, on screen bottom, participates in a virtual G20 meeting, hosted by Saudi Arabia, at the European Council building in Brussels, Saturday, Nov. 21, 2020. (Yves Herman, Pool via AP)

‘‘පැරිස් සම්මුතිය හදල තියෙන්නෙ පරිසරය රැක ගන්න නෙවෙයි, ඇමරිකාව විනාශ කරන්න‘‘ යැයි එහිදී ට්‍රම්ප් පැවසුවේය. ඔහු පැරිස් සම්මුතියෙන් ඉවත් වන බව පැවසුවේ ධුරයේ සිටි සිව් වසර තුළ පළමු අවුරුද්දේදීම ය. පැරිස් සම්මුතියේ වගන්ති අනුව 2020 ජනාධිපතිවරණය පැවැත්වූ දිනයට පසු දා පටන්ම ඇමරිකාව තාක්ෂණික වශයෙන් ද පැරිස් සම්මුතියෙන් ඉවත් විය.

යන යකා කොරහත් බිඳගෙන යන හැඩ!

ට්‍රම්ප් අවසාන වශයෙන් කළ  දේවල් දෙකක් තිබේ. එකක් නම්, තලෙයිබාන් සංවිධානයට හිස එසවීමට ඉඩ ලබාදෙමින් ඇෆ්ගනිස්ථානයේ රඳවා තිබෙන ඉරාක හමුදාව සිය රට කැඳවීමට නියෝග කිරීම ය. දෙවැන්න නම්, ඉරානයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවලට පහර දීමට ‘විකල්පයක්‘ තිබේදැයි මයික් පෙන්ස් ඇතුළු හිතවතුන්ගෙන් විමසීම ය. ‘ට්‍රම්ප් අවසාන වශයෙන් උත්සාහ ගන්නේ මහා වියවුල් රැසක් ඇති කර ධවල මන්දිරයට සමු දෙන්නට ය. එවිට ඒ වියවුල් සියල්ල සමග ගනුදෙනු කිරීමට සිදුවන්නේ ඔහුගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් හට ය. යන යකා දැන් යන්නට හදන්නේ කොරහත් බිඳගෙන ය.


එවරස්ට් කදු නගින මාර්ගය චිනය වෙනස් කරයි

යුනිසෙෆ් නයිරෝබි දරැවන්ට අත දෙයි

චීන කෝවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය

එවරස්ට් කඳු නගින්නන් අතර කොරෝනා ඔඩුදුවයි

එකම විසඳුම එන්නත ලු! දිවි අහිමි වූ බෝවන රෝග වෙදදුරුට කොරෝනාව කළ සමච්චලය!

නවසීලන්ත බර ඉසිලීමේ ක්‍රීඩක ලෝරල් හබාර්ඩ් – ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලද පළමු සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩකයා

ඇෆ්ගනිස්ථානයට සමාන බංග්ලාදේශයේ තලේබාන් රාජ්‍යයක්

මෝදි මහත්තයෝ, කරුණාකරල පැත්තකට වෙලා ඉන්න – අරුන්දතී රෝයි

error: Content is protected !!
error: Content is protected !!