ඉන්දියාව පසුගිය වසරේ ඩ්‍රෝන් නීති ලිහිල් කිරීමත් සමගින් මෙම නව අත්හදා බැලීම් වර්ධනය විය. මෙම මස මුලදී, රුධිර සාම්පල රැගත් ඩ්‍රෝන යානයක් උතුරු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මීරුට් නගරයෙන් පිටත්ව කිලෝමීටර 72ක් (සැතපුම් 44) පමණ දුරින් ඉන්දියාවේ දිල්ලි අගනුවරට අයත් උපනගරයක් වන නොයිඩා වෙත පියාසර කළේය.
එය ළඟා වීමට පැයක පම්ණ කාලයක් ගත වූ අතර, සාමන්‍ය මාර්ගයෙන් මෙම ගමනට පැය දෙකකට වඩා ගත වේ. එරට ඩ්‍රෝන් ලොජිස්ටික් සමාගමක් වන Skye Air Mobility, පවසන්නේ පසුගිය නොවැම්බර් මාසයේ සිට ඔවුන් ගුවන් ගමන් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති අතර වාණිජ භාණ්ඩ බෙදා හැරීම් කිලෝග්‍රෑම් 3,500 කට වඩා ලබා දී ඇති බවයි.
සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කිරීමේදී ගතවන කාලය 48% කින් පමණ මෙම ඩ්‍රොන් තාක්ෂණය මගින් සැලකිය යුතු ලෙස අඩු කර ඇත.කෙසේ වෙතත්, ඉන්දීය මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඩ්‍රෝන යානා සෞඛ්‍ය සේවයේ ඵලදායී ලෙස භාවිතා කළ හැකි බවට වූ අත්හදා බැලීම් තවමත් සීමා සහිත වූවක් බවයි.
ඉන්දියාවේ ආපදා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානා භාවිතා කර ඇත. එරට විශාලතම ආගමික උත්සවය ලෙස සැලකෙන කුම්භමේලා උලෙල නිරීක්ෂණය කිරීම ද ඩ්‍රොන් භාවිතා කරයි. ඊසානදිග ඉන්දියාවේ කඳුකර ප්‍රදේශවල දුර බැහැර ගම්මානවලට පසුගිය කාලයේ කොවිඩ් එන්නත් ප්‍රවාහනය කිරීමට ද ඒවා භාවිතා කර ඇත .
ඩ්‍රෝන එරට දැඩිව නියාමනය කරන ලද අතර, පුද්ගලික ක්‍රියාකරුවන්ට සිය යාන පියාසර කිරීම සඳහා බොහෝ ලිපි ලේඛන සහ බලපත්‍ර අවශ්‍ය විය.පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉන්දීය රජය විසින් නීති රීති ලිහිල් කරන ලද අතර වාණිජ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට ගෙවිය යුතු බලපත්‍ර සහ ගාස්තු කපා හරින ලදී.
ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ ඩ්‍රෝන් සේවා කර්මාන්තය රුපියල් බිලියන 300 (ඩොලර් බිලියන 3.9; පවුම් බිලියන 3.1) ආදායමක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි වසර තුන තුළ සෘජු රැකියා 10,000 කට අධික සංඛ්‍යාවක් උත්පාදනය කිරීමට හැකියාව ඇති බවයි.