BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

තමිල්නාඩු – කර්ණාටක ප්‍රාන්ත අගුලු දමයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අද (10) සිට මැයි 24 දක්වා අගුලු දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් මහතා පැවසුවේ, වැළකිය නොහැකි හේතුවක් මත මෙම තීරණය ගත් බවයි.

ඉකුත් සිකුරාදා දිනයේදි දිස්ත්‍රික් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකදී මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින්, කොවිඩ් ව්‍යාපෘතියේ අවදානම ගැන අවධානය යොමුකරමින් ප්‍රාන්තය අගුලු දැමීමට පියවර ගත් බවද ඔහු කීය.

ඒ අනුව, අද අලුයම 4.00 සිට සති දෙකක කාලයක් අගුලු දැමීම එම ප්‍රාන්තයට බලපැවැත්වේ.

මත්පැන් අවන්හල්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන, සිනමාශාලා, උද්‍යාන ආදී සියල්ල ඒ අනුව වසා දැමෙන බව කී අමාත්‍යවරයා කොරෝනා ව්‍යාපෘතිය වැළක්වීමේ උපදේශ අනුව ජනතාවට ක්‍රියකරන ලෙසද ඉල්ලා සිටී.

මේ අතර, කර්ණාටක ප්‍රාන්තය අද උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි අගුලු දමා ඇත.

කොරෝනා වයිරසයේ පළමු රැල්ලේ දී ඉන්දියාවම අගුලු දැමූ නමුත්, තවමත් එවැන්නක් වෙත ඉහළ බලධරයන්ගේ අවධානය යොමුව නැත.

ඩිල්ෂානි චතුරිකා දාබරේ


ඉන්දියාව ඩ්‍රෝන තාක්ෂණයෙන් වැක්සීන් බෙදාහැරීමට සූදානම්

නෙතන්යාහුගේ ආණ්ඩුව ගෙදර – ඊශ්‍රායලයට නව ආණ්ඩුවක්

ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් : අධිකරණ නියෝගයකින් නිල දත්ත නැවත පරීක්ෂා කළ විට මරණ 6148 ක් වාර්තා වෙලා!

සියල්ලන් අභිබවා නවසීලන්තය ඉදිරියට – ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ඕක්ලන්ඩ් නම්කරයි

යුරෝපයේ පළමු චීන විශ්ව විද්‍යාලය හංගේරියාවේ ඉදි වෙද්දී දහස් ගණන් වැසියන් මහ පාරට

කෝවිඩ් වැක්සින් පුද්ගලිකව මිලදී ගැනීමට සහ විකිණීමට හැකි රටවල් අතරට මැලේසියාවත් එක් වේ

දිලිප් කුමාර් රෝහල් ගත කෙරේ

දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ අඩුවක් – සංචරණ සීමාත් අද සිට ලිහිල් වෙයි – තුන්වන රැල්ලටද සූදානමින්

error: Content is protected !!
error: Content is protected !!