BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

”දැන් 64යි. තව අවුරුදු 20ක් වත් බලය ඔින” රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ

"රුවන්ඩාව යනු දේශපාලන විරුද්ධවාදියෙකු වීමට තබා රජයට විරුද්ධ වීම ඉතා භයානක රටකි. මෙම අධිකාරීවාදී ක්‍රමය නුදුරු අනාගතයේ ක්‍රමය වනු ඇත,''

දශක දෙකකට අධික කාලයක් රුවන්ඩාවේ ජනාධිපති ධුරය හොබවන රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ (RPF) පෝල් කගමේ තවත් වසර 20ක පමණ කාලයක් බලයේ රැදී සිටීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. 64 හැවිරිදි ඒ මහතා තව අවුරුදු 20ක් තරග කිරීම ගැන සලකා බැලීමට සූදානම් බව ප්‍රකාශ වේ.

වසර පහකට පෙර පැවති පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු 99% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනු ලැබීය. නමුත් රටින් පිටත බොහෝ දෙනෙක් ව්‍යාජ ලෙස බැහැර කළහ. කගමේ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ අතර ඔහුට 2034 දක්වා බලයේ සිටීමට අවස්ථාව ලබා ගත්තේය. 1994 දී ඔහු බලයට පත් වූයේ ඔහුගේ කැරලිකාර හමුදා ජන සංහාරය අවසන් කිරීමට උදව් කිරීමෙන් පසුවය. කෙසේ නමුත් ඔහු රට යම් සංවර්ධිත මාවතකට ගෙන ආ බව සඳහන් වේ. විචාරකයන් පවසන්නේ ඔහු ඒකාධිපති පාලනයක් රට තුළ ගෙන යන බවයි.

මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ මතවාද ඵල කරන අතර හියුමන් රයිට්ස් වොච් හි මධ්‍යම අප්‍රිකානු අධ්‍යක්ෂ ලුවිස් මුඩ්ජ් සඳහන් කර තිබුණේ “රුවන්ඩාව යනු දේශපාලන විරුද්ධවාදියෙකු වීමට තබා රජයට විරුද්ධ වීම ඉතා භයානක රටකි. මෙම අධිකාරීවාදී ක්‍රමය නුදුරු අනාගතයේ ක්‍රමය වනු ඇත,” යනුවෙනි. මේ හා සමාන අදහසක් එක්සත් ජනපදයේ වෙසෙන නීතීඥ සහ විශ්ව විද්‍යාල කථිකාචාර්ය චාල්ස් කම්බන්ඩා ප්‍රකාශ කර තිබිණි. එනම් “ඔහු තව අවුරුදු 20ක් දිගටම හිටියොත් රුවන්ඩාව නියම අපායක් වේවි” ලෙසයි BBC වාර්තා කර තිබුණේ.

රුවන්ඩාවෙහි මිලියන 12.6 කට අධික ජනගහනයක් ඇත. එය වඩාත්ම ජනාකීර්ණ අප්‍රිකානු මහාද්වීපික රට වේ. එමෙන්ම ලෝකයේ පස්වන වඩාත්ම ජනාකීර්ණ රට ද වේ. අද රුවන්ඩාවේ අසල්වැසි රටවල් හා සසඳන විට අඩු දූෂණ මට්ටමක් ඇත, නමුත් මානව හිමිකම් සංවිධාන විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීම, බිය ගැන්වීම් සහ නිදහස සීමා කිරීම් එහි වාර්තා වේ. ඔවුන් මේ වන විටත් ජීවත් වන්නේ භීතියේ වාතාවරණයකය.

සශිකලා මධුෂාණී_


නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

ලෙබනන් හා ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත් වන ලකුණු

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ස්ටකී, ගසක් තුළ මමීකෘතව!

ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

කියුබාවටත් අභිමානයේ දේදුනු පෑයූ වගයි!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

error: Content is protected !!
error: Content is protected !!