BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ අඩුවක් – සංචරණ සීමාත් අද සිට ලිහිල් වෙයි – තුන්වන රැල්ලටද සූදානමින්

දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඊයේ (06) දින පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඊයේ දින එරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 114,460කි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි එලෙස අඩුවක් පෙන්නුම් කර ඇත්තේ දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වී දින 60කට පසුවය.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් දැක්වෙන්නේ 28,809,339ක් ලෙසිනි.

ඊයේ දිනයේදී කොවිඩ් මරණ 2677ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් 19 මරණ දැක්වෙන්නේ 346,759ක් ලෙසය.

දීර්ඝ කාලයක් ලොක්ඩවුන් කර තිබුණු දිල්ලියේ අද සිට සංචරණ සීමා ලිහිල් කිරීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.

දිනකට වෙළෙඳ සැල්වලින් හරි අඩක් විවෘත කිරීමට අවසර දී ඇති අතර අද විවෘත වන වෙළෙඳ සැල් හෙට දින වසා තැබෙන අතර අද වසා තැබුණු වෙළෙඳසල් හෙට විවෘත වෙයි.

එලෙස මාරුවෙන් මාරුවට එම කටයුතු සිදුවන අතර මෙට්‍රෝ දුම්රියද 50%ක් අද දින සිට ධාවනය වන බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසා ඇත.

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තුන්වන රැල්ලට ද සූදානම් වන බවත් ප්‍රතිකාර සේවා සඳහා ඇඳන්,ඔක්සිජන් සහ ඖෂධ වැඩිකිරීමට කටයුතු කරන බවත්ය.

ASK for LNW


ඉන්දියාව ඩ්‍රෝන තාක්ෂණයෙන් වැක්සීන් බෙදාහැරීමට සූදානම්

නෙතන්යාහුගේ ආණ්ඩුව ගෙදර – ඊශ්‍රායලයට නව ආණ්ඩුවක්

ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් : අධිකරණ නියෝගයකින් නිල දත්ත නැවත පරීක්ෂා කළ විට මරණ 6148 ක් වාර්තා වෙලා!

සියල්ලන් අභිබවා නවසීලන්තය ඉදිරියට – ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ඕක්ලන්ඩ් නම්කරයි

යුරෝපයේ පළමු චීන විශ්ව විද්‍යාලය හංගේරියාවේ ඉදි වෙද්දී දහස් ගණන් වැසියන් මහ පාරට

කෝවිඩ් වැක්සින් පුද්ගලිකව මිලදී ගැනීමට සහ විකිණීමට හැකි රටවල් අතරට මැලේසියාවත් එක් වේ

දිලිප් කුමාර් රෝහල් ගත කෙරේ

මාර්තුවේදී වෛද්‍ය විශ්ලේෂකයන් කළ අනතුරු ඇඟවීම මෝදි ගණන්ගෙන නැහැ

error: Content is protected !!
error: Content is protected !!