×

‘‘දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දුන් විශාලතම අර්බුදය කොවිඩ්-19 යි.‘‘ – UN මහ ලේකම්

කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ අද ලෝක සිතියම


මෙය, අද (2020.04.01) දිනය උදා වන විට ලෝකයේ කොවිඩ්-19 නොහොත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් කොතරම් ව්‍යාප්ත වී ඇත්ද යන්න පිළිබඳ කෙරෙන කෙටි සමාලෝචනයකි.

ගෝලීය මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවයි.

ලොව පුරා අද වන විට කොරෝනා වෛරස් වසංගතයේ ආසාදිතයන් බවට පත්වූ ජනගහනය 820,000 ඉක්මවයි. අවම වශයෙන් 174,000 ක් රෝගය වැළඳී සුවපත් වී තිබේ. 40,000කට වඩා මිය ගොස් තිබේ.

‘‘දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දුන් විශාලතම අර්බුදය කොවිඩ්-19 යි.‘‘

මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් ය. සෑම රටක් ම මේ වන විට මෙම වසංගතය මැඩ පවත්වා ගැනීම සඳහා අවධානය යොමු කර ඇති අතර, ඉදිරියේදී ලෝකය ආර්ථික අවපාතනයන්ට මුහුණ දෙනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

පැය 24 ක් ඇතුළත ප්‍රංශයේ 499 ක් මරුට

ප්‍රංශය ඊයේ දිනයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කළේය. එය, මරණ 499 කි. ඒ අනුව ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,253 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මරණ සංඛ්‍යාවට ඇතුළත් වන්නේ රෝහල්වලදී මිය ගිය සංඛ්‍යාවන් පමණක් බවත්, නිවෙස්වලදී හෝ මහලු නිවාසවලදී මිය ගිය සංඛ්‍යාවන් මෙයට ඇතුළත් නොවන බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් ප්‍රංශයේ වැසියන් 22,757 දෙනෙකු රෝහල්ගත ව සිටින අතර, එයින් 5,565 ක් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය.

ඇමරිකාවේ මරණ සංඛ්‍යාව ඊයේ 3,400 ක්

ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 3,400 කින් වැඩි වෙද්දී සහ එය චීනය පරදවද්දි (ඉතාලියට සහ ස්පාඤ්ඤයට පමණක් දෙවැනි වෙමින්) ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 175,000 ක් ද වාර්තා වේ.

තුර්කියේ මරණ සංඛ්‍යාව 200 පනියි.

තුර්කියේ කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 200 ඉක්මවන බව සනාථ වේ. ගතවූ පැය 24 තුළ තවත් 46 දෙනෙකු මිය ගොස් ඇත. ආසාදිතයන් සංඛ්‍යාව 13,531 කි.

කෙසේ නමුත් මේ වන විට තුර්කිය, දෛනිකව 15,000 කට අධික පිරිසක් කොවිඩ්-19 පරීක්ෂාවට ලක් කරමින් සිටීම සාධනීය කරුණකි.

ඕමානයෙන් පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි.

ඕමාන සෞඛ්‍ය අමාත්‍යාංශය සිය රටෙහි පළමු කොවිඩ් මරණය තහවුරු කළේය. මියගොස් තිබෙන්නේ 72 හැවිරිදි ඕමාන ජාතිකයෙකි. මේ වන විට ඕමානයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31, 192 කි.

කටාර් ගුවන් තොටුපොළේ කාර්ය මණ්ඩලය අඩු කෙරේ.

Qatar has suspended inbound flights as a precautionary measure to contain the spread of coronavirus [File- Deepa Babington-Reuters]

Qatar has suspended inbound flights as a precautionary measure to contain the spread of coronavirus [File- Deepa Babington-Reuters]

කටාර් හි හමාද් අන්තර්ජාතික ගුවන් තොටුපොළ තාවකාලික වශයෙන් සිය සේවක සංඛ්‍යාව 40%කින් අඩු කළේය. ඒ, නිවසේ සිට රැකියාව කරන ලෙස හෝ වාර්ෂික නිවාඩු යන ලෙසට උපදෙස් ලබා දෙමිනි.

මේ වන විට කටාර් රාජ්‍යයෙන් කොවිඩ්-19 මරණ 2 ක් පමණක් වාර්තා වන අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 781 ක් ලෙසත්, 62 දෙනෙකු සුවය ලබා ඇති බවත් වාර්තා වේ.

ටියුනීසියාවේ ලොක්ඩවුන් කිරීම සති දෙකකින් දීර්ඝ කෙරේ.

අප්‍රේල් 19 දක්වා තවත් සති දෙකකට ලොක්ඩවුන් කිරීම දීර්ඝ කරන බව ටියුනීසියාව නිවේදනය කළේය.

මේ වන විට එරටින් කොරෝනා රෝගීන් 362 ක් හමුවී ඇති අතර, මරණ 9 ක් වාර්තා වී තිබේ. දැනට ටියුනීසියාවේ සතියක් මුළුල්ලේ ලොක්ඩවුන් වීම බලපැවැත්වේ.

ලන්ඩනයේ 13 හැවිරිදි දරුවෙක්, කොරෝනා හේතුවෙන් මිය ගිය ළාබාලතමයා බවට පත් වේ.

ලන්ඩනයේ විසූ 13 හැවිරිදි දරුවෙකු කොරෝනා හේතුවෙන් මිය ගිය ලෝකයේ ළාබාලතම තැනැත්තා බවට පත්විය. මෙම පාසල් දරුවාගේ මරණය, ලන්ඩනයේ කිංස් කොලෙජ් රෝහල විසින් තහවුරු කරයි.

ඊයේ දිනයේ එක්සත් රාජධානියේ කොවිඩ්-19 මරණ ගණන 393 ක් බවට පත්ව තිබෙන්නේ මිය ගිය මුළු සංඛ්‍යාව 1,651 ක් බවට පත් කරමිනි.

මක්කම වඳින්න එන්න එපා – සෞදිය කියයි

General view of Kaaba at the Grand Mosque in Mecca after Saudi authorities suspended Umrah [File-Ganoo Essa-Reuters]

General view of Kaaba at the Grand Mosque in Mecca after Saudi authorities suspended Umrah [File-Ganoo Essa-Reuters]

වාර්ෂික හජ්ජි වන්දනාව සැලසුම් නොකරන ලෙස සෞදි අරාබි රාජ්‍යය ලෝකයේ මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියි. සතියක් තිස්සේ පවත්න මක්කම සහ මදීනා වන්දනාවන් සඳහා ලෝකයේ මුස්ලිම්වරුන් මිලියන 2.5 ක් පමණ සෞදිය වෙත පැමිණීම සිරිතකි.

මුස්ලිම් දේවස්ථාන වසා දැමීමට අමතරව සෞදි අරාබිය දැනටමත් මක්කම වෙවත දිවෙන අන්තර්ජාතික ගුවන් ගමන් නවතා දමා ඇත.

ඉතියෝපියාවේ මහ මැතිවරණය කල් දැමේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මහ මැතිවරණය අගෝස්තු මාසය දක්වා කල් දමන බව ඉතියෝපියානු මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

මෙම මහ මැතිවරණය, ප්‍රතිසංස්කරණවාදී නායකයෙකු වන අගමැති අබී අහ්මද් හට තීරණාත්මක එකක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි