×

දේවාපහාස කළැයි 13 හැවිරිදි දරුවෙක් වසර 10කට සිරගෙට

දේවාපහාසය (blasphemy) සඳහා ‍චෝදනා ලැබූ 13 හැවිරිදි පිරිමි දරුවෙකුට වසර 10 ක සිර දඬුවම් නියම වීමත් සමග නයිජීරියාව පුරා උණුසුම් තත්වයක් ඇති වී තිබේ.


මිතුරෙකු සමග ඇති වූ වාදයකදී අල්ලා දෙවියන් පිළිබඳ නරක වචනවලින් කතා කළේය යන චෝදනාවට ය.

යුනිසෙෆ් සංවිධානය ඇතුළු අයිතිවාසිකම් සංවිධාන ගණනාවක් මේ පිළිබඳ සිය විරෝධය පළ කරමින් සිටිති.

මෙම දඬුවම මානව හිමිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය යනාදී නීති ගණනාවක් උල්ලංඝනය කිරීමක් බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙම දරුවාට සිර දඬුවම් නියම වීමේ සිද්ධිය අප්‍රකටව තබාගැනීමට නයිජීරියානු බලධාරීන් ක්‍රියා කළ බවට ද වාර්තා තිබේ.

දේවාපහාසය නයිජීරියාවේ මරණ දඬුවම පවා හිමිවන වරදකි. මෙම දරුවා ජීවත් ව කානෝ ප්‍රාන්තය තුළ නිරාගමික නීතිය මෙන්ම ෂරියා නීතිය ද එක සේ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි