×

නවසීලන්තය නැවතත් ලොක්ඩවුන් කිරීම පිළිබද එරට වැසියන්ගේ විරෝධය

නවසීලන්තයේ පසුගිය මාසයේදී නව කොරෝනා වෛරසය ඉස්මතු වීමෙන් පසු රටේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් වෙත පැනවූ රජයේ සමාජ දුරස්ථ සීමාවන්ට එරෙහිව විශාල ජනකායක් නගරයේ උද්ඝෝෂණයකට සහභාගි වී තිබේ.


නවසීලන්තයේ පසුගිය මාසයේදී නව කොරෝනා වෛරසය ඉස්මතු වීමෙන් පසු රටේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් වෙත පැනවූ රජයේ සමාජ දුරස්ථ සීමාවන්ට එරෙහිව විශාල ජනකායක් නගරයේ උද්ඝෝෂණයකට සහභාගි වී තිබේ.
ඊට සහභාගී වූ බොහෝ අය මුඛ ආවරණ පැලඳ නොසිටි අතර, දස දහස් ගණනක් මේ සඳහා පැමිණෙනු ඇතැයි යන පුරෝකථන සමග රූපවාහිනී නාලිකා මගින් එක පොදියට සිටින විරෝධතාකරුවන් සමාජ දුරස්ථකරණ නීති උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය දැකගත හැකිවිය. තවද එක්සත් රාජධානියේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව ඉහළ යත්ම, රට වසංගතය පැතිරීම පාලනය අහිමි වීමේ අද්දර සිටින බව ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයෙකු අනතුරු අඟවයි.
එක්සත් රාජධානිය සිකුරාදා දිනයේ නව ආසාදන 3,500කට වඩා වාර්තා කර ඇති අතර, එය මැයි මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම මට්ටම වීම විශේෂත්වයකි. “මම හිතන්නේ අපට පාලනය අහිමිවීමේ අද්දර සිටින බව මේ වනවිට දත්ත අනුව පැවසිය යුතුයි” යැයි පර්යේෂණ ආයතනයක් වන UKRI හි මාක් වල්පෝට් අවධාරණය කළේය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි