ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවාවක් වන ‘ෆාස් නිව්ස්‘ පවසන ආකාරයට මෙම දුරස්ථ පාලකය ක්‍රියාත්මක කර තිබෙන්නේ තවත් මෝටර් රථයක් තුළ සිට ය.
ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් මේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට (මොසාඩ් ඔත්තු සේවයට) දොස් පවරමින් සිටින අතරවාරයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සයෙද් අලි කමේනි සහ සෙසු අය, මෙම න්‍යෂ්ටික විද්‍යාඥයාගේ මරණය සම්බන්ධයෙන් පළිය ගන්නා බවට දිවුරා තිබේ.
මිය ගිය මොෂේන් ෆක්රිසාදේ රටේ සිටි අංක එකේ න්‍යෂ්ටික විද්‍යාඥයා ය.
This photo released by the semi-official Fars News Agency shows the scene where Mohsen Fakhrizadeh was killed in Absard, a small city just east of the capital, Tehran, Iran, Friday, Nov. 27, 2020. Fakhrizadeh, an Iranian scientist that Israel alleged led the Islamic Republic’s military nuclear program until its disbanding in the early 2000s was “assassinated” Friday, state television said. (Fars News Agency via AP)
මේ අතර ඔහු ඝාතනය කළ ආකාරය සම්බන්ධයෙන් ද මත ගණනාවක් පළ වෙමින් තිබේ.
පසුගිය ඉරිදා දිනයේ ෆාස් ඒජන්සි පුවත් සේවය පැවසුවේ මොෂේන් සිය බිරිඳ සමග වෙඩි නොවදින මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි බව ය. ඔහු සමග ඔහුගේ ආරක්ෂාවට වාහන තුනක් පැමිණ ඇති අතර, එක් වාහනයකට වෙඩි වදින හඬ අසා ඔහු වාහනයෙන් බැස තිබෙන්නේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට ය. අනතුරුව ඔහු මැෂින් තුවක්කුවකින් ඝාතනයට ලක් වේ.
මීටර 150 ක පමණ දුර තිබූ මෝටර් රථයකින්, අවම වශයෙන් වෙඩි පහරවල් 3 ක් පමණ ඔහුට වැදී ඇති බවත් එහි සඳහන් ය. ඔහුගේ ශරීරාරක්ෂක භටයා ට ද වෙඩි වැදී තිබේ. වෙඩි තැබීම විනාඩි 3 ක කාලයක් තිස්සේ සිදුව ඇත.
මීට පෙර වාර්තා වූයේ මෙම විද්‍යාඥයා නිසාන් වර්ගයේ මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි බව ය. නමුත් ඉරාන ඒජන්සි පුවත් සේවය පවසන ආකාරයට දුරස්ථ පාලකය ක්‍රියාත්මක වී තිබෙන්නේ නිසාන් වර්ගයේ මෝටර් රථයක් තුළ ය.
මේ අතර ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාවක් වන IRIB පැවසුවේ මුලින් පිපිරීමක් සහ දෙවැනුව වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.
මේ අතර, ඉරානයේ විදේශ කටයුතු පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානී සයිද් කමාල් ඛාරාසි පවසන්නේ මෙම ඝාතනය සහ, පසුගිය වසරේදී ඉරාකයේ සිටියදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මිය ගිය ක්වාසසම් සොලෙයිමනීගේ ඝාතනය අතර සමානකම් තිබෙන බවයි.
ක්වාසම් සොලෙයිමනී ඉරානයේ දෙවැනි බලවත්ම මිනිසා ලෙස සැලකුණු අතර, ඔහුව ‘රොක් ස්ටාර් ජනරාල්‘ යන අන්වර්ථයෙන් ද හැඳින්විණි. ඔහු ඉරානය තුළ කොතරම් ජනප්‍රිය චරිතයක් ද යත් ඔහුගේ අවමංගල්‍යයට දහස් ගණන් දෙනා පැමිණි අතර, 35 දෙනෙක් තදබදය නිසා මරු දැක තිබිණි.
පෙර ලිපි
ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික විද්‍යාඥයා මරා දැමේ – සැකය ඊශ්‍රායලය සහ ට්‍රම්ප් වෙතට
ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය කෙරේ – සැකය ඊශ්‍රායලය සහ ට්‍රම්ප් වෙතට
මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී
මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී
සොලෙයිමනීගේ අවමංගල්‍යයට පැමිණි 35 දෙනෙක් තදබදය නිසා මරුට
සොලෙයිමනීගේ අවමංගල්‍යයට මිලියන ගණනක් සෙනග – දියණියගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්
සොලෙයිමනීගේ අවමංගල්‍යයට මිලියන ගණනක් සෙනග – දියණියගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්
නැව් සහ ගුවන් යානා සූදානම් කර ගන්න -ඉරාන ජනරාල් මරා දැමීමෙන් පසු පිලිපීනයේ ඩුටර්ටි රත් වෙයි!
‘‘නැව් සහ ගුවන් යානා සූදානම් කර ගන්න!‘‘ – ඉරාන ජනරාල් මරා දැමීමෙන් පසු පිලිපීනයේ ඩුටර්ටි රත් වෙයි!