BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

නිදන්ගත පාරාවෝගේ II රැම්සෙස් යුගයට අයත් සුසාන ගුහාවක් සොයා ගැනේ.

මෙම සුසාන ගුහාව වෙරළ ආශ්‍රිතව පිහිටා තිබීමත් සමඟ සයිප්‍රසය, ලෙබනනය, උතුරු සිරියාව, ගාසා සහ ජැෆා යන ප්‍රදේශ වල ඇති භාජන වල ප්‍රභවය දැකින්නට ලැබීමත් සමඟ වෙරළ ආශ්‍රිතව සිදු වූ සජීවී වෙළඳ ක්‍රියාකාරකම් සඳහා මෙය කදිම සාක්ෂියක් වනු ඇති බව ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය ( IAA) ප්‍රකාශ කර ඇත.

පැරණි ඊජිප්තු පාරාවෝ II වන ‍රැම්සෙස් දක්වා දිවෙන සුසාන ගුහාවක් ඊශ්‍රායල පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බව ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය (IAA) විසින් නිවේදනය කර තිබේ.

ඔවුන් මෙය නම්කර ඇත්තේ “ජීවිතයට වරක්” වශයෙනි. ක්‍රි.පූ. 1213 දී මිය යන ලදැයි සැලකෙන පුරාණ ඊජිප්තු රජුගේ පාලන සමයට අයත් මැටි භාණ්ඩ සහ ලෝකඩ කෞතුක වස්තු මෙහිදී සොයාගෙන තිබේ.
මෙහි ඇති භාණ්ඩ සොහොන් පූජාවන් වන අතර ඒවා අදින් වසර 3,300 කට පමණ පෙර එහි තැන්පත් කර ඇති බැවින් ඒවා ස්පර්ශ නොකළ මළවුන්ගේ මරණින් මතු ජීවිතයට වෙන් කරන ලද භාජන ලෙස සැලකේ. ඒ අතර රතු පැහැයෙන් වර්ණාලේපිත භාණ්ඩ අස්ථි සහිත භාණ්ඩ මෙන්ම ඉවුම් පිහුම් භාජන, ගබඩා භාජන, පහන් සහ ලෝකඩ ඊතල හෝ හෙල්ල හිස දැකගත හැකිය.


ඊශ්‍රායල් පුරා විද්‍ය අධිකාරියේ ලෝකඩ යුගයේ විශේෂඥයෙකු වන Eli Yannai පැවසුවේ, මෙම ගුහාව ලෝකඩ යුගයේ අවසාන අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබා දිය හැකි බවයි. එමෙන්ම මෙම සුසාන ගුහාව වෙරළ ආශ්‍රිතව පිහිටා තිබීමත් සමඟ සයිප්‍රසය, ලෙබනනය, උතුරු සිරියාව, ගාසා සහ ජැෆා යන ප්‍රදේශ වල ඇති භාජන වල ප්‍රභවය දැකින්නට ලැබීමත් සමඟ වෙරළ ආශ්‍රිතව සිදු වූ සජීවී වෙළඳ ක්‍රියාකාරකම් සඳහා මෙය කදිම සාක්ෂියක් වනු ඇති බව ඊශ්‍රායල පුරාවස්තු අධිකාරිය ( IAA) ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_


හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

error: Content is protected !!
error: Content is protected !!