BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

නෙතන්යාහුගේ ආණ්ඩුව ගෙදර – ඊශ්‍රායලයට නව ආණ්ඩුවක්

ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාගේ රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ‍අගමැතිවරයා පරාජයට පත්ව තිබෙනවා.

අද එරට පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරයකදී අගමැතිවරයාට ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් විය.

නෙතන්යාහු මහතා පසුගිය වසර 12 ක කාලය තුළ ඊශ්‍රායල අගමැතිවරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර 1996 සිට 1999 දක්වාද ඔහු අගමැතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත අතර දක්ෂිණාංශික ජාතිකවාදියෙකු වන යමිනා පක්ෂයේ නෆ්තාලි බෙනට් මහතා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු 2023 ව‍සරේ සැප්තැම්බර් දක්වා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ඉන් පසුව යෙශ් අටිඩ් පක්ෂයේ යයීර් ලැපිඩ් වෙත බලය හුවමාරු කර ගැනීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඔහු තවත් වසර දෙකක් අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

නෙතන්යාහුගේ ආණ්ඩුවට එරෙහිව දක්ෂිණාංශික පක්ෂ 03 ක්, වාමාංශික පක්ෂ 02 ක් සහ අරාබි ඉස්ලාම් කොන්සර්වේටිව් පක්ෂය එක්ව තිබෙනවා.

UN for LNW


Breaking News: චීනයෙන් තවත් කෝවිඩ් රැල්ලක් – මෙවර වුහාන් වෙනුවට නැන්ජින් !

චීනයේ මානව හිමිකම් ගැන කතා කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු වසර 18කට හිරේ !

ටියුනීසියාවේ අගමැති පන්නා දමයි!

හංගේරියාවේ “ඇන්ටි-ගේ” නාඩගමට විරුද්ධව ලොව පුරා තානාපති කාර්යාල පෙළ ගැසෙයි!

ජෝර්ජියානු අභිමානයේ දේදුනු තිර ලෙයින් තෙත්වෙයි – වියරු වැටුණු සමලිංගිකභීතිකයන්ගේ මැරප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා අවසන් ගමන් යයි!

බොල්සොනාරෝ අසනීපයෙන් – නොනවතින ඉක්කාව සැත්කමක් දක්වා දුර ගිහින්

ඇෆ්ගනිස්ථානයෙන් වැඩි කොටස තලෙයිබාන් ග්‍රහණයට – පාකිස්ථාන දේශසීමාවේත් තලෙයිබාන් කොඩියක් ලෙළදෙයි!

Update: දකුණු අප්‍රිකානු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළට

error: Content is protected !!
error: Content is protected !!