නෙදර්ලන්තයත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවයි
නෙදර්ලන්තයද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවා තිබේ.

සිදුවිය හැකි අතුරු ආබාධ ගැන සැලකිලිමත් වී එලෙස එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ බවයි දැක්වෙන්නේ.
එරට රජය සඳහන් කර ඇත්තේ ආරක්ෂිත පියවරක් ලෙස මාර්තු 29 වැනිදා දක්වා එම එන්නත භාවිතයෙන් වළකින බවයි.
ඩෙන්මාර්කය,නොර්වේ,අයිස්ලන්තය වැනි රටවල් රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් පවතින බව සඳහන් කර තිබුණු අතර ඒ අනුව ඔවුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවන ලදී.
එම රටවල ක්‍රියාපිළිවෙත ආදර්ශයට ගනිමින් ආරක්ෂිත පියවරක් ලෙස නෙදර්ලන්තය මෙලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය මාර්තු 29 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.
සෑම තත්ත්වයක් සම්බන්ධයෙන්ම නිවැරදි සහතිකයක් ලබාගත යුතු අතර කිසිදු සැකයකට ඉඩක් තැබිය නොහැකි බවයි නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය හියුගෝ ඩි ජොන්ග් පවසා ඇත්තේ.
එරට එන්නත්කරණ වැඩසටහන භාර නිලධාරීන් විසින් ඊයේ දින මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ වන විටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා මිලියන 12ක් ඇනවුම් කර ඇති බවත් ඉන් මාත්‍රා 300,000ක ප්‍රමාණයක් ඉදිරි සති දෙක තුළ ලැබීමට නියමිත බවත් දැක්වෙයි.
කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිවේදනයක් නිකුත් අක්රමින් පවසා තිබුණේ එම එන්නත භාවිතය හරහා රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති නොවන බවයි.
ASK for LNW