ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය සමන්විත වන්නේ නෝර්වේ සහ ස්වීඩනය යන රටවල් දෙකෙනි. මෙම රටවල් දෙකෙහි රාජකීයයන්, ලෝකයේම අවධානය ස්කැන්ඩිනේවියාව වෙත යොමුවන නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සත්කාරකත්වය සපයති. ස්වීඩන් රජ පවුල මෙම සම්ප්‍රදාය සමග අඛණ්ඩව එක් වන්නේ 1901 වසරේ පටන් ය.
පහත දැක්වෙන්නේ මේ වසරේ නොබෙල් සම්මාන උළෙල සඳහා එක් වී සිටි රාජකීයයන් පිළිබඳ කෙටි හැඳින්වීමකි. අනතුරුව අපගේ කථානායිකාව වන අමාල් ක්ලූනි වෙත හැරෙමු.
ස්වීඩන් රජ පවුල සමන්විත වන්නේ ස්වීඩනයේ දහසය වැනි කාල් ගුස්ටාව් රජුගෙන් (King Carl XVI Gustaf of Sweden), සිල්වියා රැජිනගෙන්, ඔටුන්න හිමි වික්ටෝරියා කුමරියගෙන් සහ ඔටුන්න හිමි ඩැනියෙල් කුමරුගෙනි.
නෝර්වේ රජ පවුලෙන් හැරල්ඩ් රජු, සොන්ජා රැජින, ඔටුන්න හිමි මාටේ-මැරිට් කුමරිය, ඔටුන්න හිමි හාකොන් කුමරු පැමිණ සිටියහ. යුද්ධයේදී ආයුධයක් වශයෙන් ස්ත්‍රී දූෂණය යොදාගන්නා පරිමානය පිළිබඳ මුක්වේජ් සහ නාදියා මුරාද්ගේ කතා අසා සිටින විට මාටේ කුමරිය හැඟීම්බර වී සිටින අන්දම ද පැහැදිලිව දැකගත හැකි විය.
මෙම උළෙලේදී රතු පැහැති ඇඳුමින් සැරසුණු, ජාත්‍යන්තර අවධානය දිනාගත් රූමතියෝ දෙනෙක් වූහ. එක් අයෙක් නම් ඉහත ඡායාරූපවලින් දක්වා ඇති සොෆියා කුමරියයි. අනෙක් කාන්තාව, අමාල් ක්ලූනි ය.
අමාල් ක්ලූනි යනු, ඔස්කාර් සම්මානලාභී නළු ජෝර්ජ් ක්ලූනිගේ බිරිඳයි. ඊටත් වඩා ඇය අන්තර්ජාතික කීර්තියට පත් නීතීඥවරියකි.
ඇය සැරසී සිටියේ දීප්තිමත් රතු පැහැති ඔස්කා ඩි ලා රෙන්ටා (Oscar de la Renta) ගවොමකිනි. මෙම සම්පූර්ණ ඇඳුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 2300 ක් පමණ බව කියැවේ.
නමුත් මේ කතාවේදී අප ඉස්මතු කරන්නේ අමාල් ක්ලූනිගේ රූමත්කම හෝ ඇගේ ඇඳුමේ මිල නොවේ. නොබෙල් සම්මානලාභී නාදියා මුරාද්, ඉරාකයේ යැසිදි සුළුතරය අයිසිස් භටයන් හමුවේ මුහුණ දුන් ලිංගික අපරාධ පිළිබඳ කතා කළ බව මීට ඉහත ලිපියකදී අපි සඳහන් කළෙමු. නාදියා මෙන්ම කොංගෝ නාරිවේද මුක්වාජ් ද එක හඬින් අවධාරණය කළේ එම අපරාධ කළ පාපතරයන් නීතිය හමුවට ගෙන ඒමේ අවශ්‍යතාවයයි. අමාල් ක්ලූනි, මේ අයිසිස් අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා සැබෑ ලෝකයේදී නාදියා සමග එක්ව කටයුතු කරනා නීතිඥවරිය වේ.
අන්තර්ජාතික මානව හිමිකම් නීතීඥවරියක වන අමාල් ක්ලූනි, ලෝකයට හුරු පුරුදු නමක් වූයේ ඇය විසින් ජෝර්ජ් ක්ලූනි සමග විවාහ වීමෙන් පසුව වුවත්, එය වන විටත් ඇය අන්තර්ජාතික නීති ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයකි. වයස අවුරුදු 21 දී දූෂණයට ලක් ව පසුව කෙසේ හෝ ජර්මනියට පළා ඒමට සමත් වූ නාදියා ව ඇයට මුණ ගැසෙන්නේ ද ජර්මනියේදී ය. එවිට අමාල් ක්ලූනි ඇය සමග එක්ව සාක්ෂි එක්රැස් කිරීමත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ කටයුතු සම්පාදනයටත් එක් වූවාය. අයිසිස් ත්‍රස්තවාදීන් විසින් යැසිදි සුළුතරය සංහාරයට ලක් කරන ආකාරය ගැන ඇය කරුණු ගොනු කළාය.
2016 සැප්තැම්බර් 22 වැනිදා අමාල් ක්ලූනි, මේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී දේශනයක් පවත්වන්නේ ද ඇය පසෙකින් නාදියා මුරාද් ව තබාගෙන ය. නාදියා සිය කතාව කියද්දී කඳුළු සැළුවද, අමාල් නීතිමය තත්වය ගෙන එමින්, පාපීන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.
අමාල් ක්ලූනි හට සිය නළු සැමියා නිසා යම් ජනප්‍රියත්වයක් අත් වී තිබේද, ඇය එම ජනප්‍රියත්වය ද මේ වන විට පාවිච්චි කරමින් සිටින්නේ, නාදියාගේ ප්‍රශ්නය පිළිබඳ මාධ්‍ය අවධානය යොමු කරවා ගැනීම සඳහා ය.
නාදියාගේ ප්‍රශ්නය, හුදෙක් නාදියාගේ ප්‍රශ්නයක් පමණක් නොව, ලොව පුරා යුධ බිම්වලදී දූෂණයටත්, සමූහ දූෂණයටත්, ලිංගික වහල් වෙළඳාමටත්, මෙහි වචනයෙන් සඳහන් කළ නොහැකි විවිධාකාරයේ ලිංගික හිංසනයන්ටත් ගොදුරු වන සමස්ත කාන්තා සංහතියේම ප්‍රශ්නයකි. ‘‘මේවාට වගකිව යුතු හැම කෙනෙක්ම තනි තනිවම නීතිය හමුවට ගෙන ආ යුතුයි‘‘ යැයි අමාල් ක්ලූනි වරක් කියා තිබේ.
ඊයේ 2018 නොබෙල් සම්මාන රාත්‍රියේදී ඉහළම සම්මානය වන නොබෙල් සාම සම්මානයෙන් පිදුම් ලැබුවේ නාදියා මුරාද් නමැති ඇගේ ඒ සේවාදායිකාවයි!
රූමත් කම සහ බුද්ධිමත් කම යන දෙකම එක සේ පිහිටා ඇති කාන්තාවන් මෙලොව අඩු බවට කියමනක් තිබේ. අමාල් ක්ලූනි, ඒ කතාව බොරුවක් කළ නියම කාන්තාවකි!
අමාල් ක්ලූනි, සිය සේවාදායිකාව වන නාදියා මුරාද් සමග ජගත් සංවිධානය ඇමතූ අවස්ථාව මෙතැනින් නරඹන්න…
[embedyt] https://www.youtube.com/watch?v=Deb0-ZCMmbo[/embedyt]