1877 – තෝමස් එඩිසන් ෆොනෝග්රාෆයේ නිෂ්පාදනය ප්‍රකාශයට පත් කරයි. ඒ හඬ පටිගත කිරීමට සහ වාදනය කිරිමට හැකි යන්ත්‍රයක් ලෙස ය.
1922 – ජෝර්ජියා ජනපදය නියෝජනය කරමින් රෙබෙකා ලැටීමර් ෆෙල්ටන් එක්සත් ජනපදයේ ප්‍රථම කාන්තා සෙනෙට් සභිකවරිය බවට පත් වෙයි. පුරුෂ මූලික සුදු ජාතිකත්වය විසින් ඇයට ඉතා දැඩි පීඩනයක් එල්ල කළ බව කියැවේ. ඇමරිකානු ජාතික කතුවරියක, දේශපාලකවරියක සහ සමාජ ශෝධකවරියක ලෙස කටයුතු කළ ඇය, මේ ධූරයේ කටයුතු කළේ එක් දිනක් පමණි.
1918 – එක්සත් රාජධානිය විසින් Parliament (Qualification of Women) Act පනත සම්මත කරනු ලබයි. මේ හරහා එරට වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට හැකියාව ලැබිණ.
1995 – බොස්නියානු යුද්ධය අවසාන කරමින් ඩේටන් එකඟතාව නම් වන සාම ගිවිසුමකට බොස්නියාව, ක්‍රොඒෂියාව සහ සර්බියාව යන රටවල ජනාධිපතිවරුන් විසින් අත්සන් තබනු ලැබෙයි.
1992 සහ 1995 අතර කාලයේදී බොස්නියාව සහ හර්සගෝවීනාව තුළ සිදුවූ අන්තර්ජාතික සන්නද්ධ අරගලයක් වන බොස්නියානු යුද්ධය යුගෝස්ලෝවියාවේ කොටසක් වෙන්කිරීමේ අරමුණින් ඇතිවූවකි. මෙම සන්නද්ධ අරගලය හේතුවෙන් මිලියන 2.2 ක් දෙනා අවතැන් වූ අතර, යුද අපරාධ අති බහුල ලෙස සිදුවිය. ලක්ෂයක් දෙනා මෙම යුද්ධයේදී ඝාතනයට ලක් වූ බව කියැවෙයි. එසේම ස්ත්‍රීන් 12,000 – 50,000 අතර ප්‍රමාණයක් මෙහිදී දූෂණයට ද ලක්වූහ. වින්දිතයන් බොහෝ විට බොස්නියානු මුස්ලිම්වරුන් වූ අතර, යුධ අපරාධවල නිරතවූ බවට චෝදනා ලබා සිටින්නේ සර්බි හමුදාවයි. වාර්ගික ශෝධනය, වර්ග සංහාරය වැනි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ රැසක් මෙහිදී සිදුවූ අතර, යුගෝස්ලෝවියාව සඳහා පිහිටවූ අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය (නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති) මගින් මේවායේ වැරදිකරුවන් අන්තර්ජාතික නීතිය හමුවට පැමිණවීම ද සිදුවිය.
ඒ අනුව හිටපු නායක රදොවාන් කරාද්සික් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්වලට ලක් විය. රැට්කෝ ම්ලාද්වික් මනුෂ්‍ය සංහාර සඳහා වරදකරු බව තීරණය වී ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක් විය. සර්බියානු ජනපති ස්ලොබොදාන් මිලොසෙවිච් ද බොස්නියාවේදී සිදුවූ යුධ අපරාධ සඳහා චෝදනා ලැබූ අතර, නඩු විභාගය අවසන් වීමට පෙර 2006 වසරේදී මරණයට පත් විය.
2002 – නේටෝව බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රොමේනියාව, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාවට එහි සාමාජිකත්වය දරන්නට ආරාධනා කරයි.
NATO හෙවත් උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය යුරෝපියානු රටවල් සහ උතුරු ඇමරිකානු රටවල් 30 ක් විසින් ඇති කර ගන්නා ලද අන්තර් ආණ්ඩු හමුදා සන්ධානයකි. 1049 අප්‍රේල් 4 වැනිදා බිහිවූ නේටෝ සංවිධානය, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රබල සංවිධානයක් ලෙස හඳුනා ගැනේ.
FILE PHOTO: Zimbabwe’s former president Robert Mugabe looks on during a press conference at his private residence nicknamed “Blue Roof” in Harare, Zimbabwe, July 29, 2018. REUTERS/Siphiwe Sibeko/File Photo TPX IMAGES OF THE DAY
2017 – සිම්බාබ්වේ හි නායක ධූරයේ වසර 37කට ආසන්න කාලයක්- මුලින් අගමැති ලෙස සහ අනතුරුව ජනාධිපති ලෙස – සිටීමෙන් අනතුරු ව රොබර්ට් මුගාබේ සිය තනතුරෙන් ඉවත් වෙයි. මේ එරට පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව දෝෂාභියෝග චෝදනා ගෙන ඒමත් සමග ය. රොබට් මුගාබේ ලෝකයේ වැඩිම කාලයක් ධුරයේ සිටි ඒකාධිපතියෙකු ලෙස වාර්තා පොත්වලට එක්ව සිටියි.