මෑතකදී සිදුකරන ලද මහා පරිමාණ සමීක්ෂණයකට අනුව (2018 Workplace Distraction Report) කාර්යාලයේ රැකියාව කිරීමේදී අවධානය කේන්ද්‍රගත වීම වළක්වා කාලය නාස්ති කරන ප්‍රධානතම බලවේග 5 ක් හඳුනාගෙන ඇත.
මෙයට අනුව, 80%ක් දෙනාගේ වැඩට බාධා වන්නේ (distract) තමන් සමගම සේවය කරන සහෝදර සේවක සේවිකාවන්ගේ කතාබහ නිසා ය. එය, අවධානයෙන් යුතුව සිය කාර්යය අඩුම කාලයකින් සිදු කිරීමට ඇති ප්‍රධානතම බාධකයයි. එකිනෙකා සමග කතා බස් කිරීම මෙන්ම මහ හඬින් දුරකථන ඇමතුම් ලබාගැනීම නිසා සිදුවන බාධාවන් ද මෙයට අයත් ය.
මේ අනුව, කාර්යාලීය සේවයට තිබෙන අංක එකේ බාධාව සේවකයන්ගේ කච කචයයි!
පහත තිබෙන්නේ එම ලැයිස්තුවයි.
මෙහිදී සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 56%ක්ම පවසා තිබෙන්නේ එක් වැඩක් එක් අවධානයකින් යුතුව සිදුකිරීමට සමාජ මාධ්‍යවල අප්ඩේට්ස් පරීක්ෂා කිරීම හේතු වී ඇති බවයි.
වැඩ පරිසරය මෙම බාධකවලින් තොර කිරීම මගින් සේවකයාට මෙන්ම සේව්‍යයාට ද ප්‍රතිලාභ රැසක් අත් වේ. ඒ අතර ඵලදායීතාවය වැඩි වීම, උත්ප්‍රේරණය, ආත්ම විශ්වාසය, සහ රැකියා තෘප්තිය ප්‍රධාන ය.
‘ඕපන් ඔෆිස් ස්පේස්‘ හෙවත් විවෘත කාර්යාල අවකාශ මේ වන විට ලෝකයේ නව රැල්ලක් ලෙස ජනප්‍රිය වෙමින් තිබේ. නොවැසුණු, එනම් කාමර බිත්තිවලින් සම්පූර්ණයෙන්ම නොවැසුණු පරිසර තුළ කාර්යාලයීය මේස ස්ථානගත වීම මගින් එකිනෙකා සමග අන්තර්ක්‍රියා සිදුවීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතුවක් සේ මෙතෙක් සැලකිණි. නමුත් මේ වන විට මෙවැනි කාර්යාලවල සේවය කරන්නන්, තමන්ට සිත එක් තැනක යොමුකර අවධානයෙන් යුතුව වැඩ කිරීමට අපහසු බවට පැමිණිලි කරමින් සිටින බව ද පෙනෙන්නට තිබේ.