Denmark’s Prime Minister Mette Frederiksen, right, speaks to pupils during the reopening of Lykkebo School in Copenhagen, Wednesday, April 15, 2020. (Philip Davali/Ritzau Scanpix via AP)
උදාහරණයක් වශයෙන් ඩෙන්මාර්කය වැනි දියුණු රටවල් පංති කාමරවල දරුවන් අතර මීටර 2 ක දුරක් පවත්වාගන්නා අතර, ඔවුන්ගේ සෙල්ලම් පිටි පවා, ටේප් පටිවලින් බෙදා වෙන් කර තිබේ.
තුර්කිය ඇඳිරි නීතිය පනවන්නේ සති අන්තවල පමණි. පැය 48 ක නොනවතින ඇඳිරි නීතියෙන් පසුව පුරා දින 5 ක් ඔවුන්ට සාමාන්‍ය පරිදි ජීවත් විය හැකිය.
මේ අතර එක්සත් රාජධානියේ කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිදේහ ශක්තිය ඇති බවට හඳුනාගෙන ඇති අයට පාස්පෝට් එකකට සමාන ‘ප්‍රතිශක්ති සහතිකයක්‘ – “immunity certificate,” නිකුත් කිරීමේ සාකච්ඡාවක් තිබේ. ඔවුන් සැරසෙන්නේ මේ සහතිකය ඇති අයට නිදහසේ යාම් ඊම් කළ හැකි තත්වයක් රට තුළ ඇති කරන්නට ය.
(AP Photo/Andres Kudacki)
දියුණු ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය, වයස 70ට වැඩි අයට පමණක් නිවෙස් තුළ සිටින ලෙස නියම කරයි. සෙසු අයට සෑහෙන පමණින් සිය සමාජයීය ජීවිතය අත්විඳිය හැකිය.
මේ අතර කොළොම්බියාවේ සමහර කොටස් (කාලි සහ මෙඩෙලින් වැනි නගර)වල බලධාරීන් සිය පුරවැසියන්ට නිවෙස්වලින් පිටතට යාමට ඉඩ ලබාදෙන්නේ කුසපත් ඇදීමේ ක්‍රමයට ය. මෙහිදී ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය අනුව පිටතට යාමට වරම් ලබන අය තෝරාගනු ලබයි.
ඉතාලියේ ජාතික සිවිල් ගුවන් ගමන් අධිකාරිය මාර්තු මාසයේ අග පටන් අනවසරයෙන් වීදියේ සිටිනවුන් සොයාගන්නේ ඩ්‍රෝන තාක්ෂණයෙනි.
නමුත් පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සංවේදී එක්සත් රාජධානිය මේ දෙයම කරන්නට ගොස් විශාල විවේචනයකට ලක් වුණේ ය.
ඔස්ට්‍රේලියාවේ ‘ඩ්‍රැගන්ෆ්ලයි‘ නමැති ඩ්‍රෝන යානා සමාගමකි. මේ සමාගම මේ මාසයේදී එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුනිවසිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා සමග ගිවිසුමකට එළඹුණේය. ඔවුහු මේ ඩ්‍රෝන යානා යොදාගෙන පුරවැසියන්ගේ උෂ්ණත්වය, හෘද ස්ඵන්දන වේගය, ශ්වසන වේගය පවා සොයයි. පිරිසක් අතර සිටින විටදී මීට අමතරව කිවිසුම් යවන්නේ කවුද සහ කැස්ස තිබෙන්නේ කාටද යන්න පවා එ්වා මගින් නිරීක්ෂණය කරයි.
මෙම ඩ්‍රෝන යානා හඳුන්වන්නේ ‘පැන්ඩමික් ඩ්‍රෝන්ස්‘ (“pandemic drones”) හෙවත් වසංගත ඩ්‍රෝන යානා යනුවෙනි.
චීනය සහ කුවේට් යන රටවල නම් ‘කතා කරන ඩ්‍රෝන යානා යොදාගන්නේ වියපත් අයට සුරක්ෂිතව සිය නිවෙස්වලට යන පාර කියන්නට ය.
(AP Photo/Arnulfo Franco)
මේ සියලු ලොක්ඩවුන් උපාය මාර්ගයන් අතරින් වඩාත්ම අවුල් සහගත සහ විකාරරූපී ක්‍රමවේදය අනුගමනය කරන්නේ පැනමාව, පෙරු සහ කොලොම්බියාවයි.
පෙරුවියානු ජනාධිපති මාටින් විස්කාරා අප්‍රේල් 2 වැනිදා නිවේදනය කළේ පාරේ සිටිය යුත්තේ කවුද නිවසේ සිටිය යුත්තේ කවුද යන්න තීරණය කිරීමට ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ලොක්ඩවුන් ක්‍රමවේයක් (ජෙන්ඩර් බේස්ඩ් ලොක්ඩවුන් ස්ට්‍රැටර්ජි) අනුගමනය කරන බවයි. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දවස්වල පමණක් පිරිමින්ට පිටතට යා හැකිය. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පිටතට යා හැක්කේ ස්ත්‍රීන්ට පමණි. ඉරිදා දිනයට සියලුම දෙනා ගෙදර සිටිය යුතුය.
මේ අතර අප්‍රේල් 1 වැනිදා සිට පැනමාව ද මෙය අත්හදා බලයි. ඔවුන් තර්ක කරන්නේ තමන් ආදරය කරන අය පාරේ නොසිටින විට අනෙක් පාර්ශවය ද පිටතට නොයන බව ය!
බොගෝටා අගනුවර ඇතුළු කොලොම්බියාවේ නගර ගණනාවක් ද මේ ක්‍රමයම අනුගමනය කරයි. එනම්, ගැහැණුන් පිරිමින් පිටතට යා යුත්තේ දෙමාරුවට ය.