පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා වූ “නිර්භීත අරගලය” හෙවත් Courageous Fight ව්‍යාපෘතිය වෙනුවෙන් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන මාරියා රෙසා සහ දිමිත්‍රි මුරාතොව් නොබෙල් සාම ත්‍යාගය දිනා ගෙන ඇත.
මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් තරඟකරුවන් 329ක් ඉදිරිපත් වී ඇත. දේශගුණික ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග්, Reporters Without Borders (RSF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද මෙම තරඟකරුවන් අතර විය.
ඔස්ලෝ හි නෝර්වීජියානු නොබෙල් ආයතනයේදී ජයග්‍රාහකයන්ව නිවේදනය කෙරුණ අතර ඒ අනුව රෙසා හා මුරාතොව් දෙපළට ජයග්‍රහණය වෙනුවෙන් ස්වීඩන් ක්රෝනා මිලියන 10 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.1) පිරිනැමුණි.
මෙම සම්මානය පිරිනැමීමේ අපේක්ෂාව වන්නේ ජාතීන් අතර සහෝදරත්වය සඳහා හොඳම දේ කළ පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ගෞරව දැක්වීමයි.
නොබෙල් සාම ත්‍යාග කමිටුව විසින් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාව හදුන්වා ඇත්තේ “ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය නිදහස අහිතකර තත්වයන්ට මුහුණ දෙන ලෝකයක පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටින සියලුම මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින්” – “Representatives of all journalists who stand up for this ideal in a world in which democracy and freedom of the press face increasingly adverse conditions” යනුවෙනි.
පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීවේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) යි.