BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පුටින් යුද අපරාධකරුවෙක් – ජෝ බයිඩන් යළිත් ලොවටම කියයි !

රුසියානු නායක ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා චෝදනා කරනවා.

ඇමරිකානු නායකයා විසින් පුටින්ට යුද අපරාධ චෝදනා එල්ල කළේ දෙවැනි වරටයි.

බයිඩන් වැඩිදුරටත් පවසන්නේ පුටින්ගේ හමුදා යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

යුක්රේනයේ කිව් අගනුවර ආසන්නයේ බුචා නමැති ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ යුක්රේන සිවිල් වැසියන්ගේ මළසිරුරු 300 ක් පමණ හමු වී තිබිණි.

බයිඩන් දෙවැනි වරටත් පුටින්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ අදාල මළසිරුරු හමුවීමෙන් පසුවයි.

මෙම මළසිරුරු හමුවීමෙන් පසු යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි බුචා ප්‍රදේශයේ සංචාරය කළ අතර ඔහු එහිදී ප්‍රතිඥා දී තිබුණේ අදාල ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත වූ රුසියානු හමුදා සෙබළුන් නීතිය හමුවට පමුණුවා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම ඝාතන සඳහා වගකිව යුතු පුද්ගලයන් කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදු කරමින් සිටින බවද ඔහු පවසනවා.

ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයද මෙම ඝාතන සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

යුක්රේන ජනාධිපතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම ඇමතීමටද නියමිතය.

UN for LNW


ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

error: Content is protected !!
error: Content is protected !!