‘‘වාසනාවකට ඔහු ශක්තිමත් ගැටවරයෙක් ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ..‘ යනුවෙන් ද මෙලනියා කියා ඇත.
ජනපති ට්රම්ප් සහ මෙලනියා, කෝවිඩ්-19 සඳහා පොසිටිව් වූයේ ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ද සමග ය.
මෙලනියා රෝහල්ගත නොවූ අතර, ට්රම්ප් දින 3 ක් රෝහල්ගත ව සිට නැවත පැමිණ, රෝග අවදානම හෝ තමන් රෝග වාහකයෙකු බව නොතකා සුපුරුදු පරිදි මැතිවරණ ප්රචාරණ කටයුතුවල නියැළෙයි.
මෙලනියා ට්රම්ප් සමග සිය විවාහයේ එකම දරුවා කොරෝනා වෛරසයට ගොදුරු වීම සම්බන්ධයෙන් ඔහු, අයෝවා ජනපදයේ පැවති රැළියකදී ද අදහස් දක්වා තිබේ.
එහිදී ඔහු කියා තිබෙන්නේ බැරන්ට රෝගය වැළඳී තිබුණේ කෙටි කාලයක් සඳහා පමණක් බවයි.
‘‘මම හිතන්නෙ නෑ බැරන්ට ලෙඩේ තිබුණ කියල එයාවත් දැනගෙන හිටියද කියලා. මොකද එයාගෙ ප්රතිශක්තිකරණ පද්ධතිය හරි ශක්තිමත්.. තරුණයිනෙ..‘‘
මේ වන විට ට්රම්ප්, කොරෝනා වෛරසය ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නොවන බව පවසන්නටත් සිය පුතාව උදාහරණයට ගනිමින් සිටියි.
‘‘බැරන් පොසිටිව් වුණා.. තත්පර දෙකක් ඇතුළත වගේ.. බැරන් ආයෙත් හොඳට හිටියා.. බැරන් නෙගටිව් වුණා.. හරි…?
‘‘මොකද ඒක තමයි වෙන්නෙ.. ඒක එනව යනවා.. ආපහු ළමයින්ව ඉස්කෝලෙ යවන්න…‘‘
බැරන් 14 හැවිරිදි ය.
බැරන් හැර තව දරුවන් 4 ක් සිටින, එහෙත් තවමත් නොදරුවෙක් මෙන් හැසිරෙන ඩොනල්ඩ් ට්රම්ප් 74 හැවිරිදි ය…!