උතුරු ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයට කඩා වැදුණු පුල්ලි කොටියෙක් හෙවත් ව්‍යාඝ්‍රයෙක් හේතුවෙන් ගම්වැසියන්ට සිදුවූයේ හිස් ලූ ලූ අත පළා යන්නට ය.
පුල්ලි කෙටියාගේ ප්‍රහාරයෙන් ගම්වැසියන් පස් දෙනෙක් තුවාළ ලබා ඇත. සිය ගණන් ගම් වැසියන් ජලන්දාර් නුවර ලැබ්මා ගම්මානය අතහැර දමා පළා යන ආකාරයත්, සමහර දෙනෙක් ප්‍රහාරයට ලක්වන ආකාරයත් CNN පුවත් සේවය විසින් වාර්තා කර තිබෙන්නේ ඇඟ කිළිපොළා යන ඡායාරූප කිහිපයක් ද සමග ය.
මෙම ගම්මානය අධික ලෙස ජනාකීර්ණ එකක් වන නිසා පුල්ලි කොටියා අතිශය කලහකාරී ලෙස හැසිරුණු බව කැලෑ දෙපාර්තමේන්තුව කියයි. එසේම ගම්මානයේ ඉතා පටු පාරවල් පැවති අතර, ඒ නිසා නොදැමුණු සත්වයා දමනය කර ගැනීම ද පහසු වුණේ නැත.
මේ සිදුවීම වාර්තා වුණේ ඊයේ දිනයේ ය.
ව්‍යාඝ්‍රයන් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථාවේදී උන්ව සිහිසුන් කිරීම සඳහා එන්නත් කරන ඖෂධ ක්‍රියාත්මක වන්නේ අඩුවෙන් බව ද ඉන්දියානු බලධාරීහු පවසති. ඒ නිසා මේ සත්වයා අල්ලාගැනීම හැබෑම අභියෝගයක් විය. තුන්වතාවක් ඌට නිර්වින්දන බෙහෙත් එන්නත් කිරීමට සිදුවිය.
එනිසා අවසානයේ ව්‍යාඝ්‍රයා කොටු කර ගැනුණේ ඌ ගමේ ගෙදරකට රිංගාගත් පසුව ය. පැය 7කට වඩා සත්වයා මෙසේ පසුබැස්සවීම සඳහා කාලය අවශ්‍ය විය. .
මෙවැනි සතුන් ගම් වැදීමට හේතුව ලංකාවේ මෙන්ම, කැලෑ කැපීම සහ මිනිසුන් විසින් කැලෑව එළිපෙහෙළි කිරීමයි. ග්‍රාමීය ඉන්දියාවේ මෙය ප්‍රබල ගැටළුවක් බවට පත්ව තිබේ. ලංකාවේ අලි- මිනිස් ගැටුම පවතින විට ඉන්දියාවේ වැඩිපුරම සුබල ලෙස පවතින්නේ ව්‍යාඝ්‍ර-මිනිස් ගැටුමයි.
මේ නිසා 2011 වසරේදී ව්‍යාඝ්‍රයන් සමග කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන ඉන්දියානු රජය විශේෂ උපදේශන මාලාවක් පවා දියත් කිරීමට කටයුතු කළේය. එහි අපූර්ව කරුණු සහ නිරීක්ෂණ ගණනාවක් අන්තර්ගත වේ. එකක් වන්නේ, ව්‍යාඝ්‍රයන් තරමක් දුරට හීලෑ වන සත්ව විශේෂයක් බවයි. නාගරික ප්‍රදේශවල වුවත්, ව්‍යාඝ්‍රයන් කැලෑබද ව ජීවත් වීමේ තත්වයක් පැවතිය හැකි බව ද එහි දැක්වේ.
එහි අර්ථය ව්‍යාඝ්‍රයන් සහ මිනිසුන්ට උවමනා නම් ‘සහජීවනයෙන්‘ යුතුව ජීවත් විය හැකි බව ද වේ.
පුල්ලි කොටින්ගේ, එනම් ව්‍යාඝ්‍රයන්ගේ ගුණාංග ගැන එසේ කියැවුණත්, ලැම්බා ගම්මානය ලද අත්දැකීම නම් වෙනස් ය. නිරීක්ෂකයන් කියන්නේ, මේ සතුන්, තමන්ගේ නිකේතන විනාශය නිසා වියරු වැටී, ගම් වැදී – ගම්වල ‘ඉබාගාතේ‘ යන්නට පටන් ගෙන ඇති බව ය.
2016 වසරේ ඉන්දියානු රජය පළ කළ තවත් වාර්තාවකට අනුව 12,000 සහ 14,000 ක් අතර ව්‍යාඝ්‍රයන් සංඛ්‍යාවක් ඉන්දියාවේ ජීවත් වෙති.