BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පෘථිවියටත් සෙනසුරුට මෙන් රැස් වළලු තිබුණා නම්…

පෘථිවියටත් සෙනසුරු ග්‍රහයාට මෙන් රැස් වළලු තිබුණේ නම් අහස කොහොම පෙනේවිද?

සෙනසුරුගේ රැස් වළලු වල තිබෙන්නේ අයිස් කුට්ටි සහ අයිස් කැබලි වන නමුත් හිරු එළිය වැදුණු විට ඒවා රැස් වළලු සේ දිස්වෙයි. ඇත්තෙන්ම ඒවා සැතපුම් දහස් ගණන් පළල ය. 1610 වසරේදී ගැලීලියෝ ගැලීලි විසින් දුරේක්ෂය සොයාගත් දිනයේ පටන්ම මිනිසා ඒවාට වශීකෘත වූයේය.

පෘථිවියටත් ඒ ආකාරයේම රැස් වළලු තිබුණේ නම් අහස කෙසේ දිස් වේවිද? ප්‍රකට අජටාකාශ හා විද්‍යා ප්‍රබන්ධ සිත්තරෙකු වන රොන් මිලර් මේ පිළිබඳ ඉතාම වැදගත් ඡායා-රූප රැසක් පිළියෙල කර තිබෙන අතර, ඒවා මේ සතියේ විද්‍යා ලෝකයේ අවධානය නොමදව දිනාගෙන තිබේ.

සාමාන්‍ය යෙන් මෙවැනි වළලු වැඩිපුරම ස්ථාවර තත්වයක පවතින්නේ ඒවා ග්‍රහලෝකයේ සමකය වටා පිහිටන විට ය. ඒ අනුව රටක් පිහිටන අක්ෂාංශ- දේශාංශ අනුව ඒවා පෙනෙන හැටි ද වෙනස් වනු ඇත. උදාහරණයක් වශයෙන් ඉක්වදෝරයේ ක්විටෝ නගරයට පෙනෙන්නේ ඒවායේ දාරයක් පමණක් වේ. එම දාරයන්, සිතිජයෙන් කෙළින්ම පැන නැගෙන බවක් දිස්වනු ඇත. ඒ අනුව අහස පළාගෙන තනි ඉරක් මෙසේ පෙනේවි.

(Image credit: Ron Miller)

පහත දැක්වෙන්නේ ආක්ටික් කවයට එය දිස්වන ආකාරයයි. සිතිජ අහසෙන් අඩකවයක් පැන නැග ඇති බව ඔබට පෙනෙනවාද? ඒ පෘථිවියේ මනංකල්පිත රැස් වළලු වේ.

 

(Image credit: Ron Miller)

වඩාත් සමශීතෝෂ්ණ දේශාංශවලදී මේ වළලු යෝධ ආරුක්කුවක් තනනු ඇත. ඒ ආරුක්කුව අහසේ දෙකොණ යා කරනු ඇත්තේ මේ අන්දමිනි. මේ වොෂින්ටන් ඩී.සී. හි ඉහළ අහස දිස්වේවි යැයි අපට පරිකල්පනය කළ හැකි අන්දමයි.

(Image credit: Ron Miller)

මේ දිලිසෙන වළලු පායන්නේවත් බැස යන්නේවත් නැත. ඒ වෙනුවට ඒවා දවස පුරාම එකම තැනක එකම ආකාරයකින් දිස්වේවි. මේ කොස්මික් පිහිටීම දිවා රාත්‍රී දෙකේමත් එකම අයුරින් පවතීවි….!

දිලිසෙන පාෂාණ

කොහොම නමුත් මේ මනංකල්පිත පෘථිවි වළලුවලත් සෙනසුරු වළලුවලත් එක් ප්‍රධාන වෙනසක් ඔබට දැනටමත් අනුමාන කරන්නට පුළුවන් ඇති. එනම්, පෘථිවි වළලු, සෙනසුරු වළලු මෙන් අයිස්වලින් නම් සුසැදී තිබෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය පිහිටා තිබෙන්නේ සෙනසුරුට වඩා හිරුට ළඟින්. එනිසා අපගේ සූර්යයාගේ තාප විකිරණය කිසිම ආකාරයකින් මේ වළලුවල අයිස් ගැබ් කරන්නට ඉඩ දෙන්නේ නැහැ.

ඒ අනුව පෘථිවියේ කල්පිත වළලුවල තිබෙන්නට පුළුවන් වන්නේ පාෂාණ පමණයි. නමුත් ඒවා අඳුරු පැහැයක් ගන්නේ නැත. චන්ද්‍ර පාෂාණ විශාල වශයෙන් අළු පැහැති ය. චන්ද්‍රයා විසින් පරාවර්තනය කරන්නේ ඒ මතට වැටෙන ආලෝකයෙන් 12%ක් පමණකි. නමුත් පුර සඳ දවසකදී අපට චන්ද්‍රයා ගැන එසේ සිතෙන්නේ නැත. පෘථිවි වළලුවල තිබෙන පාෂාණ ද දීප්තිමත් ව දිස්වනු ඇත්තේ මේ සිද්ධාන්තයටම යටත්ව ය.

පෘථිවි වළලු කොතරම් දීප්තිමත් වේවිද?

පෘථිවියේ වායුගෝලය මුදුනට හිරු එළිය වැටෙන්නේ වර්ග මීටරයකට වොට් 1,300 ක් වශයෙනි. පෘථිවි රැස් වළලු විසින් එයින් 10%ක් පරාවර්තනය කළත්, එවිට එම වළලුවල සෑම වර්ග මීටරයකින්ම වොට් 130ක විදුලි බුබුළකට සමාන ආලෝකයක් නිකුත් වනු ඇත.

පහත දැක්වෙන්නේ විෂූවයකදී ඒ අනුව අහස දිස්වන ආකාරයයි. ‘විෂූවය‘ යන්නෙන් අදහස් වන්නේ පෘථිවියේ සමකය හරියටම පැතලි සූර්ය තලයේ භූගෝලීය කේන්ද්‍රය පසුකරන අවස්ථාවයි. සරලව කියන්නේ නම් පෘථිවියට හරි කෙළින් ඉර මුදුන්වන අවස්ථාවයි. වසරකට දෙවරක් මෙය සිදු වේ.

 

(Image credit: Ron Miller)

සඳට වඩා සමීපයෙන්

මෙම කල්පිත රැස්වළලු පෘථිවියට කොතරම් සමීපයෙන් පිහිටාවිද? එය ගුවන්යානාවල  ගමනාගමනයට බාධා ඇති කරාවිද?

පෘථිවියට සමීපතම රැස් වළලු පවා පිහිටනු ඇත්තේ සැතපුම් 620 ක් ඉහළ අහසේ බව වායුගෝලීය පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි. මෙය thermosphere යනුවෙන් අප හඳුන්වන වායුගෝලීය ස්ථරයයි. සාමාන්‍යයෙන් වාණිජ ගුවන් යානාවක් පියාසර කරන්නේ සැතපුම් 4 ක් හෙවත් කිලෝමීටර 11 ක් පමණ ඉහළිනි. ඒ අනුව ගුවන් ගමන්වලට කිසිදු බාධාවක් සිදුවන්නේ නැත.

නිතර නිතර උල්කාපාත/උල්කාෂ්ම

කෙසේ නමුත් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය විසින්, මෙම වළලුවල පහළ ස්ථරයේ තිබෙන පාෂාණ නිරන්තරයෙන්ම පෘථිවිය වෙත ඇද ගැනීමට තැත් කරනවා ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඒ පාෂාණ පෘථිවි වායුගෝලයට නිදහස් වූ සැණින් ඒවා ගිනිගෙන දැවී යාමයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, පෘථිවියට කල්පිත වළලු තිබුණේ නම් නිතර නිතර අපේ අහස අලෝකමත් වනු ඇත්තේ ගිනිගෙන දැවෙන එවැනි පාෂාණ (උල්කාෂ්ම) සහ උල්කාපාත වැසි වලිනි.

පෘථිවියේ සෙවණැලි වළලු මත පතිත වේවි

දිනයේ වේලාව, සෘතුව සහ ඔබ සිටින්නේ පෘථිවි ගෝලයේ කොතැනකද යන්න මත (අක්ෂාංශ දේශාංශ පිහිටීම අනුව) පෘථිවියේ සෙවණැල්ල මේ වළලු මත පතිත වීමට කිසිදු බාධාවක් නැති බව ඔබ තාරකා විද්‍යාවේ අයන්න පමණක් කියවූ අයෙක් නම් ඔබට පැහැදිලි වනු ඇත. මෙහි තිබෙන අපූර්වතම දේ වන්නේ, මේ සෙවණැලි දවසේ කාලයත් සමග තැනින් තැනට ගමන් ගන්නා ස්වභාවයක් දක්නට ලැබීමයි. ඒ අනුව බෙහෝ විට ඕවලාකාර (ඉලිප්සාකාර සෙවණැලි) මේ වළලු මත පතිත වනු ඇත්තේ පෘථිවියේ පර්යාවලෝකනයක් නිතර ඔබේ ඇස් මානයේ තබමිනි.

(Image credit: Ron Miller)

විෂූවය දිනකදී රැස්වළලු දිස්වනු ඇත්තේ මෙසේ ය. (Image credit: Ron Miller)

පසු සටහන – මේ ලිපියෙන් විස්තර වන්නේ කල්පිතයක් හෝ ෆැන්ටසියක් යැයි ඔබ කියනු ඇත. නමුත් විද්‍යා ලෝකය විසින් මේ කල්පිතය රූප මාධ්‍යයට නගා එය විද්‍යාත්මකව පැහැදිලි කරන ආකාරය අපූර්වත්වයෙන් යුක්ත ය.

Originally published on Live Science.


පණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම වහාම අත්හිටුවන්න! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි ඉල්ලීමක්

ලෝකයේ පෙණහැල්ල වේගයෙන් කපා දමන බ්‍රසීලයට දරුණු ඔක්සිජන් හිඟයක්

අසුබ ලකුණක් සමග විගස සමුගත් – අකලට ආ සකුරා වසන්තය

ආහාර නිශ්පාදන නිසා ලෝකයේ නිවර්තන කලාපයන් වල වන විනාශය ඉහළ ගිහින් ද?

ඇමසන් නදියේ තවමත් වෙසෙනා මත්ස්‍ය ලෝකයේ ටර්මිනේටර් – ඇරපයිමා

අහස තැඹිලි පැහැ කළ චීනයේ වැලි කුණාටු

තෙල් කාන්දුවීම් සොයා ඊශ්‍රායල ඩ්‍රෝන යාත්‍රා ගුවන්ගත වෙයි

අපි දැනටමත් ප්‍රමාද වැඩියි! – ඇටෙන්බරෝ අනතුරු අඟවයි

error: Content is protected !!
error: Content is protected !!