×

බ්‍රිතාන්‍යයේ අධික මීදුම් සහිත තත්ත්වයක්: ගුවන් ගමන් වලට දැඩි බාධා

අධික මීදුම් සහිත තත්ත්වයක් පැවතීමත් සමග, බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් හි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල් සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පවසයි.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අධික මීදුම් සහිත තත්ත්වයක් පැවතීමත් සමග, බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් හි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල් සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක්සත් රාජධානියේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන සැපයුම්කරු ප්‍රකාශ කළේ, අඩු දෘශ්‍යතාවක් ඇති ස්ථාන සඳහා “තාවකාලික” ගුවන් සීමා කිරීම් පවතිනු ඇති බවයි. එංගලන්තයේ සහ වේල්සයේ බොහෝ ප්‍රදේශවල මීදුම පවතිනු ඇති බවත්, විශේෂයෙන් දකුණු ප්‍රදේශවල එය වැඩි කාලයක් පවතිනු ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත.

මේ නිසා ගුවන් තොටුපොලට පැමිණීමට පෙර මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලෙසයි උපදෙස් දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි