×

බ්‍රිට්නි ස්පියර්ස්ගේ මානසික සෞඛ්‍ය පිළිබද නැගෙන අවලාද වලට ඇගේ සොයුරිය පිළිතුරු දෙයි!

ජේමි ලින් ස්පියර්ස් ඇගේ සොහොයුරිය වන බ්‍රිට්නි ස්පියර්ස්ගේ මානසික සෞඛ්‍යය ගැන විවිධ අභූත හා නොගැළපෙන අදහස් ප්‍රකාශකර පිරිස් වෙත පිළිතුරු දීමට තීරණය කර තිබේ.


ජේමි ලින් ස්පියර්ස් ඇගේ සොහොයුරිය වන බ්‍රිට්නි ස්පියර්ස්ගේ මානසික සෞඛ්‍යය ගැන විවිධ අභූත හා නොගැළපෙන අදහස් ප්‍රකාශකර පිරිස් වෙත පිළිතුරු දීමට තීරණය කර තිබේ.

එක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයෙකු විසින් බ්‍රිට්නි ස්පියර්ස්ගේ “පැහැදිලි මානසික රෝගය” ගැන අදහස් දැක්වීම හේතුවෙන් තම සොයුරියව ආරක්ෂා කිරීමට ජේමි ඉදිරිපත් වී ඇත.

ජේමි මීට පෙර හැල්සි සහ ග්ලීහී කෙවින් මැක්හෙල් ඇතුළු අනෙකුත් ප්‍රසිද්ධ තරු කිහිපයක්ම විසින් සමාජ ජාල වල හුවමාරු කරගෙන තිබූ මානසික රෝග පිළිබඳ ලිපියක් ඇය ද තම සමාජ මාධ්‍ය පිටු ඔස්සේ බෙදාගෙන තිබුණි.

එහි මෙසේ සඳහන් විය: “ඔබ මානසික රෝගාබාධ වලින් පෙළෙන්නේ නම්, යම් පුද්ගලයකුට සිය පෞද්ගලිකත්වය කෙතරම් වටින්නේද යන්නත්, ඔහුගේ පවුලේ අය විසින් ඔහුව ආරක්ෂා කරන්නෙ කෙසේද යන්නත් පිළිබද අවබෝධයක් තිබෙනවා. අනෙක් අයට එය කෙසේ පෙනුනද ඔවුනුත් එලෙසින් කටයුතු කිරීම වැදගත් වෙනවා. මෙය මානසික රෝගයකින් පෙළෙන කිසිවෙකුට ලැජ්ජාවක් නොවන ලෙස මම යාච්ඥා කරමි. ඔබ තනි වී නැති අතර ඔබට අප සමගේ ආදරය හිමිය. මගේ සියලු ආදරය හා යාච්ඥා ඔබ වෙනුවෙනුයි.”

මේ අතර ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයෙක් මෙසේ අදහස් දැක්වීය: “ඔබේ සහෝදරියන්ගේ මානසික රෝග ගැන කුමක් කිව හැකිද? ඔබ ඒ ගැන කථා නොකරන්නේ ඇයි?”

එම අදහසට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඇගේ සහෝදරිය ශක්තිමත්, කිසිවෙකුටත් නැවාත්විය නොහැකි කාන්තාවක් බවයි. “මගේ සහෝදරිය ගැන කිසිවක් උපකල්පනය කිරීමට ඔබට අයිතියක් නැත. ඇගේ සෞඛ්‍යය හා පෞද්ගලික කරුණු ගැන කතා කිරීමට මට අයිතියක් නැත,” ඇය පැවසුවාය.

බ්‍රිට්නි ස්පියස්ගේ මානසික සෞඛ්‍ය පිළිබදව ඇයට ප්‍රහාර එල්ල වීම ඇරඹුනේ 2008 පටන් ය. එවකට ඇයගේ බිඳවැටීමෙන් පසුව ඇයව අධිකරණය විසින් අනුමත කරන ලද සංරක්ෂණ තත්වයක් යටතේ තබා ඇත. බ්‍රිට්නිගේ පියා ජේමි ස්පියර්ස් පසුගිය වසර දක්වා මෙම විධිවිධානය භාරව සිටියද සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහු ඉවත් විය.

ඇයගේ කටයුතු සොයා බලා සිදු කිරීමට මේ වන් විට ජෝඩි මොන්ට්ගොමරි නැමැත්තෙකු සිටින අතර, එම අබඳතාව අගෝස්තු මාසයේදී සමාලෝචනය කිරීමට සූදානම් වේ.

#FreeBritney නමින් සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන් විසින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, ඇය තවදුරටත් සංරක්‍ෂණයට යටත් නොවිය යුතු යැයි තර්ක කරයි. කෙසේ වෙතත්, බ්‍රිට්නි ස්පියර්ස්ට සමීප පුද්ගලයන් පවසන්නේ ඇයගේ කටයුතු පිළිබද සොයා බැලීමට අයකු සිටීම යහපත් බවයි.

බ්‍රිට්නි හි කළමනාකරු ලැරී රුඩොල්ෆ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට මෙසේ පැවසීය: “සංරක්ෂණ තත්වයක් යනු ඇයව සිර කිරීමක් නොවේ. එය ව්‍යාපාරික තීරණ ගැනීමට සහ ඇගේ ජීවිතය තනිවම කළ නොහැකි අවස්ථා වලදී ඇයව නිසි ලෙස කළමනාකරණය කිරීමට බ්‍රිට්නිට උපකාරී වේ.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි