×

‘‘බාර් වහන්න එපා‘‘ – ස්පාඤ්ඤය පුරා උද්ඝෝෂණ

ස්පාඤ්ඤ කැටලෝනියාවේ බාර් සහ රෙස්ටොරන්ට් සේවකයෝ දහසක් පමණ දෙනා සිය සේවාස්ථාන වසා දැමීමට එරෙහිව ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවල නිරත වූහ.


බාසිලෝනාවේ ආපනශාලා සහ තැබෑරුම් සේවකයන් මහ පාරට පැමිණ සිටියේ උයන පිහන භාජන ද රැගෙන ය.

ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ දැකගන්නට ලැබුණේ ස්පාඤ්ඤ කැටලෝනියාවෙනි. එහිදී ඇතැමුන් ප්‍රකාශ කළේ තමන්ට රැකියාව කිරීමට අයිතියක් තිබෙන බවයි. ටේක්අවේ පමණක් සිදුකිරීම මත තමන් ‘වඳ වී යන කොටසක්‘ බවට පත් ව ඇතැයි සමහරු චෝදනා කළහ.

උද්ඝෝෂණය මැඬලීමට පැමිණි පොලිසියට බිත්තර ප්‍රහාර එල්ල විය.

දැනට ගණන් බලා ඇති ආකාරයට මෙම වසා දැමීම නිසා ඩොලර් බිලියන 1 ක පාඩුවක් සිදුවීමට නියමිත අතර, වසර 2020 අගභාගය වන විට කැටලෝනියාවේ ආපනශාලා කර්මාන්තය බංකොළොත් වීමට නියමිත ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි